දේශීය පුවත්

ආණ්ඩුවේ ඇමතිධූරයන්ගෙන් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නම දෙනා තම තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාවෙත යොමු කිරීම ප්‍රමාධ වූයේ රාමසාන් උත්සවය හේතුවෙන් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අද (06) අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සාමුහික තීරණයට එළඹි සියළු දෙනාම එක්ව අගමැතිවරයාට එක් ලිපියක් ඉල්ලා අස්වීම පිළිබඳව දැනුම් දුන් බවයි. කෙසේ වෙතත් ව්‍යවස්ථානුකූලව ඉල්ලා අස්වීමේ ලිපි එකිනෙකා වෙන වෙනම ජනාධිපතිවරයා වෙත යොමු කරන ලෙස අගමැතිවරයා දන්වා සිටියද රාමසාන් සමය හේතුවෙන් එය ප්‍රමාධ වූ බවයි පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේ. එම ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කරන බවද ඔහු පැවසීය.

මේ අතර, මහ නා හිමිවරුන් ඊයේ (05) ඉල්ලා සිටියේ චෝදනාවට ලක් නොවූ මුස්ලිම් මන්තී‍්‍රවරුන් යළි වගකීම් භාර ගෙන පාලන තන්ත‍්‍රය හා එක්වන ලෙසයි. එම ඉල්ලීමට අනුව ඉදිරියේදී උන්වහන්සේලා සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ද හකීම් මහතා පැවසුවේය.



One thought on “රාමසාන් නිසා ලිපි ලියන්න බැරිවුනා…හකීම් අස්වීමේ ලිපි ප්‍රමාදයට හේතු කියයි”

  1. “..මේ අතර, මහ නා හිමිවරුන් ඊයේ (05) ඉල්ලා සිටියේ චෝදනාවට ලක් නොවූ මුස්ලිම් මන්තී‍්‍රවරුන් යළි වගකීම් භාර ගෙන පාලන තන්ත‍්‍රය හා එක්වන ලෙසයි. එම ඉල්ලීමට අනුව ඉදිරියේදී උන්වහන්සේලා සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ද හකීම් මහතා පැවසුවේය..”

    කොහොම බැලුවත් අගමැති රනිල් දිනුම්.

    අස්වෙන්න කියපු මුස්ලිම් ඇමතිවරුන්ගේ ඔවුන් පත්කරපු ගෝලබාල හෙන්චයියලා තවම ඒ අමාත්‍යංශ වල. ගෙදර ඉදන් ගෝලබාලන් මෙහෙයවන එක තවත් ලේසියි-eavesdrop කරන්න කාර්යාල කාර්ය සහායකයෙක් වත් වටපිටේ නැහැනේ.
    දැන් හාමුදුරුවරු කියනවා අස්වෙන්න නොකියපු අය එන්න ඕනලු-හාමුදුරුවෝ කොයි තරම් ඉක්මනට අගමැති රනිල්ගේ ලනුව ගිල්ලද කියනවනම් ඒ ගැන හිතනකොටත් දුකයි.

    හාමුදුරුවන්ට කියන්න තිබුනේ එහෙම හැමෝම ඉල්ලා අස්වීමෙන් මහජනතාවට ඒ අය තම තමන් ආරක්ෂා කරගන්නවා කියල සැකයක් ඇතිවීම ගැන පමණයි. අස්වෙනවා නම් අස්වෙච්ච දෙන්. ආපහු ගෙන්න ගන්නේ මොන කෙහෙල්මලටද?

    ඒ වගේම, අමාත්‍යංශ කොච්චර ගනනක් මේ අයගේ බලය යටතේ තිබිලද, ඒ අමාත්‍යංශ වලින් රටේ හැම වැදගත් අංශයක්ම වගේ ආවරණය වෙනව නේද කියල දැක්කම පුදුම හිතෙනවා. හරියට මේ මුස්ලිම් චන්ද සුළුතරය මුළු රටම පාලනය කරනවා වගේ.
    “අවතැන් වුවන් පදිංචිය ” බදුදීන්ට දීල ඊළගට අපි කෑගහනවා විල්පත්තුව කපනවා , මියන්මාරයෙන්, පාකිස්ථානයෙන් “අවතැන් වුවන් ” පදිංචි කරවනවා කියල! අවතැන් වුවන් සාධාරණව පදිංචි කරවන්න සිංහල අයෙකුට ඇත්තෙන්ම බැරිද?
    මේ කට්ටිය වැඩිපුරම ඉල්ලන තවත් තැනක් තමයි වරාය. ඒ ඇයි කියල කියන්න ඕන නැහැනේ. ඒ වගේම වරාය ඉල්ලගත්ත හැමවිටකම ඒක ඇතුලට හැකි නොහැකියාව නොබලා පුළුවන් තරම් තමන්ගේ ජාතියේ අයට රස්සාව දෙනවා. වරායටම විතරයි ඉතින් ඔයවගේ බර දරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකේ කෑලි විකුණන් කන විදියට ඒකත් ලගදීම “සුදු අලියෙක්” වේවි!

    දැන් මේ “අස්වුණ” සෙට් එක ඇවිත් හාමුදුරුවොත් එක්ක මොනවා සාකච්ඡා කරයිද?
    ඒ අය නැවත එන්න නම් මේ විමර්ශන මාසයක් ඇතුලත ඉවර වෙන්න ඕන කියයි. තවත් මේ වගේ උඩින් පේන තරමට ඒ තරම් ගැම්මක් නැතුවට යටින් හොද කපටි අදහස් ඇතුව ෂුවර් එකටම සාකච්ඡා අවසානයේ තිබුනටත් වඩා වැඩි වාසියක් අරගනී!
    ඊට පස්සේ මේ සෙට් එකේ කාගෙ කාගෙ කිල්ලෝට වල හුණු තිබුනත් ඒවා රටටම පේන්න එලියට අදින්න කාටවත්ම බෑ. ඇයි ඉතින් හාමුදුරුවොනේ බලෙන් ආපහු ගෙන්න ගත්තේ.

    අස්වෙන්න කියපු අය තමන්ගේ ගෝලබාලයොත් අරගෙනම පිටවෙන්න කියල කියන්න ඕන එකේ මොනවාද මේ හාමුදුරුවෝ කරන්නේ?
    අපි මතක තියාගන්න ඕන රට වෙනුවෙන් හිතන මොළ 10 ක් තියන කොට ඊට විරුද්දව කොයි තරම් දේශීය විදේශීය විශේෂඥ මොළ දහස් ගණනක් එකට එකතු වෙනවද කියල.

    මේ උගුලේ වැටෙන්න ඉස්සෙල්ල මේ ගැන හාමුදුරුවන් දැනුවත් කරන්න කවුරුවත් නැද්ද?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More