කහටගස්දිගිලිය කුකුළෑව දීඝාභය පාසල් භූමිය තුළ තිබී අද (6) ඩෙටනේටර තුනක් සහ සේවා නූල් හමුවීම හේතුවෙන් පාසල තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව විදුහල්පති අයි.එම්.මහින්ද මහතා පවසයි.
පාසල විවෘත කිරීමට පෙර එහි සිසුන්ගේ දෙමාපියන් පිරිසක් විද්‍යාල භූමිය තුළ කළ සෝදිසියේදී පොලිතින් බෑගයක දමා තිබූ මෙම ඩෙටනේටර් සහ සේවානූල් අද පෙරවරුවේදී සොයා ගෙන තිබුණි.
විදුහල්පතිවරයා විසින් මේ බව පොලිසියට සහ යුද හමුදාවට දන්වා පාසල් භූමිය පූර්ණ පරීක්ෂාවකට ලක් කළද සැකසහිත වෙනත් කිසිවක් හමු නොවූ බව විදුහල්පතිවරයා සඳහන් කළේය.
සිද්ධියෙන් බිය පත්වූ මව්පියවරු පාසලට පැමිණ සිසුන් නිවෙස්වලට රැගෙන ගියහ.
සිසුන් මෙදින පාසලට නොපැමිණියද ගුරු මණ්ඩලය සහ තමන් රාජකාරියේ නිරතවන බවද විදුහල්පතිවරයා පැවැසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...