මුහුණු පොතෙන්

ඇත්තටම ලංකාවේ ගැහැණු පිරිමි පවුය.කසාද බදින්නේ හරි හමන් ලිංගික අධ්යාතපනයක් නැතුවය.කොල්ලන් පෝන් මූවි එකකට ලිංගික අධ්යාදපනය ගැන ඉගැන්වීමට භාර දෙන්නේ හිස්තැන කෙසේ හෝ පුරවාගත යුතු නිසාය.නමුත් ඉගෙනීම කෙසේ වෙතත් තමන්ගේ පිරිමිකම ගැන සහ ලිංගික අවයව ගැන එක්කෝ හීනමානයක් ,නැත්නම් අධි තක්සේරුවක් සිතතුල නිධන්ගත කරගන්නා අය බොහෝය. ඇත්තටම නිසි ලිංගික අධ්යාගපනයක් ලබා ගැනීමට පවුල තුල ,පාසල තුල හෝ සමාජය තුල අවස්ථාවක් නොලබන ඔවුන් ඒ සදහා විකල්පයක් කරගන්නේ එය නම් මම ඒ කිසිවෙකුට දොසක් නොකියමි.

ඇතැම් පවුල් තුල අම්මා තාත්තා හැසිරෙන්නේ ජීවිතයට අතින් නොඇල්ලූ සේය. බබාලා ගෙනත් දී ඇත්තේ කොක්කුය. එලිපිට ගහ මරා ගන්නට ලැජ්ජා නොවන ඔවුන් දරුවන් ඉදිරිපිට සිප ගැනීමට ලැජ්ජා වෙති.ඉතින් දරුවන්ට ආදරය මැජික් ය. කෙයාරින් කීවම කිචිය .එවන් පරිසර තුල හැදෙන දරුවෝ ආදරය නොදනිති.හෝමෝන වලින් පමණක් ආදරය කරන්නට යති.ඉතින් උන්ට රූම් යන්නේ නැතුව බැරිය.නැතත් අපේ රටේ අම්මට හුඩු වැඩිහිටි පරපුරට කොල්ලෙක් කෙල්ලෙක් එකට පාරේ ගියත් කාමේසු මිච්චාචාරාය.අතින් අල්ලන් ගියා දැක්කානම් බබා හම්බෙලා වගේය. ඉතින් කොල්ලන් කෙල්ලන් ආදරය කරන්නට හොයන්නේ කළුවර කාමරය.උන්ට උයන්, බංකු තහනම් ය. සික්කාගේ විසිල් හඩට බයෙන් උන් ගුලි වන්නේ හයසීයේ රූම් වලය.

විවාහ ජීවිතයකට ඇතුලු වන විට පවා ලිංගිකත්වය කුමක්දැයි නොදන්නා, ස්ත්රී් සිරුරක ලාලිත්ය විදීමට නොදන්නා, පිරිමියෙකුගේ කය මනස ගැහැනුකමින් පිරවීමට නොදන්නා ගැහැණු පිරිමින්ගේ ඉවසීම සත්තකින්ම ඇදහිය යුතුය.ජීවිතයේ කිසිදු දිනක සුරාන්තය කුමක් දැයි නොදන්නා ගැහැණුන් දහස් ගණනින් ඉන්නා රටක අපි ජීවත් වෙමු.වෙඩින්ග් ඇනිවසරි පහලවක් ගියත් අදුරේ හැර තම බිරිදගේ නිරුවත විද නැති පිරිමි ඉන්නා රටක අපි ජීවත් වෙමු.ගැහැණියකගේ ලිංගික තෘප්තිය තමන්ගේ ශිශ්නයේ ප්රපමාණය මත හෝ ශුක්ර මෝචනයට ගතවන කාලය අනුව තීරණය වේ යැයි සිතන පිරිමින් අතර අපි ජීවත් වෙමු.බිරිදකගේ එකම කාර්යය සැමියාට අවශය වෙලාවට ඉඩදී සිවිලිමේ මකුළු දැල් පිරික්සීම පමණැක් යැ සිතන ගැහැණු අතර අපි ජීවත් වෙමු.

විවාහ වී මාස හය හතක් ගිය තැන, දරුවෙක් ලද පසු අම්මලාට සැමියා කියා එකෙක් නැත. ඉන්නේ දරුවාගේ තාත්තා පමණි.ඔහුට ලිංගික අවශ්යිතාවක් ඉටු කරගැනීමට බිරිදට බුලත් දී වැදිය යුතු වෙයි.නිරන්තර ප්ර්තික්ශේප වීම් හමුවේ ඔහුට විකල්ප වලට අවශ්යපතාව ඇතිවීම ස්වාභාවිකය.එය ඔබට මට පාලනය කල හැකි දෙයක් නොවේඑ.ජීව විදයාත්මකව පිරිමියා නම් සත්වයා හැදී ඇත්තේ ඒ සදහාය.
ඇතැම් කාන්තාවන්ට හිස පීරා ගැනීමට වෙලාවක් නැත.සැමියා මහ පාන්දර ගෙදරට ගොඩ උවත්,දහවලක ආවත්, සැන්දෑවක ආවත් ඇය ඉන්නේ එවරෙඩිවය,ඒ ඇගේ නිල ඇදුමින් ය.නයිටි කඩමාල්ලය. ආරාගෙන ආ තඩි බඩවල් ය.අත් යට , බිකින් ලයින් එක ගන කැලෑය.කාලක් ගසා , ගන අදුරේ මිස එවන් ගැහැනියකට ලං වීම පහසු නැත. යට ඇදුම පවා කිසිදු සැලකිල්ලකින් තෝරාගත් එකක් නොවෙ.වයස කීය උවත් අදින්නේ ආන්ටි ටයිප් යට ඇදුම් ය.සුන්දර රාත්රී් ගවුමක් , යට ඇදුමක් ඇද වෙහෙසවී පැමිණෙන සැමියා පෙරමගට යෑම අපරාධයක් නොවේ.අහ් මට අමතකම උන කාරණ‍යකි.එසේ පෙර මගට යෑමට නම් බඩ බෝල කන්හා බලන වෙලාවට කලින් පැමිණිය යුතුය. කොහොමටවත් රන් දෙපැය නම් මිස් කර ගත නොහැක.

සමහරක් කාන්තාවන්ට තිස් පහ පහුවෙනවාත් සමගම පන්සල මතක් වේ.සැමියා අමතක වේ. ඉදල ඉදලා එන නිවාඩු දවසටත් බිරිද එක්කෝ පන්සලේය.නැත්නම් ටියුශන් පන්තියේය. වරද ඇත්තේ පන්සල් යාමේ නොවේ.බුදුන් වහන්සේ හෝ දේශනා නොකල අමුතු සීලයක් රකින්නට යාමය.විවාහක යුවලක් ආදරය කිරීම, ලිංගිකව හැසිරීම ඇතැම් උපාසක අම්මලාට පෙනෙන්නේ ආනන්තරිය පාපකර්මයක් හා සමානවය. සැමියා දේවදත්ත ය.

ගැහැණුන් පමණක් නොව ඇතැම් පිරිමින් ගැනද කතා කර වැඩක් නැත.නාන්නේ සතියකට සැරයකි.පෞද්ගලික පිරිසිදු කම ගැන අංශුමාත්ර අදහසක් නැත.රේසරය ඇත්තේ මූණට පමණකි සිතා වනගත තවුසන් මෙන් හිදිති.සිඹිම තබා ලග වාඩිවීමට උවද වෙනම ඉවසීමක් තිබිය යුතුය.ආදරය කිරීමට දන්නේ නැත.අමුවටම ඕනෑය.ආලවට්ටම් නැත. තමන්ගේ කාරිය කරගත්තානම් ගැහැනිය දෙස නොබලාම ඉවත හැරී නිදති.කොච්චර හොදට උන්නත් තමන්ගේ බිරිද හැර අනික් සියලුම ගැහැණු අගනේය.ආසාවට ආදරයෙන් වච්නයක් නොකියයි.

ලොකුම වරද ඇත්තේ අප සමාජය ලිංගිකත්වය සංවෘත කර ගෙන වහගැනීමට දරන හාස්යජනක උත්සහය තුලයි.ප්රේමය , ආලය වැසිය යුතු යමක් නොව බෝ කරගත යුතු දහමකි.

– මුහුණු පොතෙන් උපුටා ගත්තකි –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More