කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිසේරියන් සැත්කමක් සිදු කළ මුස්ලිම් ජාතික දෙදරු මවක වෛද්‍යවරයාට එරෙහිව ඊයේ (05 වැනිදා) කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ පාලනාධිකාරියට පැමිණිල්ලක් ගොනු කර ඇත.
ඊයේ වන විට කුරුණෑගල රෝහලට ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි 656 ක් ලැබී තිබුණි. ඊයේ දිනය තුළ පමණක් පැමිණිලි 25ක් ලැබුණු බව කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ පාලනාධිකාරිය පැවසීය.
කුරුණෑගල නගරාසන්නයේ පදිංචිව සිටින 26 හැවිරිදි දෙදරු මවක වන මෙම මුස්ලිම් ජාතික කාන්තාව කියා සිටියේ තමන් විවාහව සිටින්නේ සිංහල ජාතිකයකු සමග බවත්, තමාගේ දෙවන දරුවා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේදී ෂාෆි වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කමක් සිදුකර ලබාගත් බවත්ය. තමන් විවාහව සිටින ස්වාමිපුරුෂයා සිංහල ජාතිකයකු බව ෂාෆි වෛද්‍යවරයා හොඳින්ම දන්නා නිසා මෙම සැත්කම සම්බන්ධයෙන් තමන්ට සැකයක් තිබෙන බවත්, එම නිසා රෝහලට පැමිණිලි කිරීමට පැමිණි බවත් ඇය පවසයි.
කුරුණෑගල ශික්‍ෂණ රෝහලට පැමිණිලි කිරීමට පැමිණෙන ඇතැම් මවුවරුන් පැමිණිලි සටහන් කිරීමේදී සංවේදී වන අතර, පැමිණිලි සටහන් කරන නිලධාරිනියන් ද සංවේදිව කටයුතු කරන බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...