දේශීය පුවත්

ඇතැම් භික්ෂූන් වහන්සේ වෛරී ප‍්‍රකාශ සිදු කළද ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගන්නා බව ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවේ ABC රේඩියෝවට ප‍්‍රකාශයක් ලබා දෙමිනි.

මන්තී‍්‍රවරයා එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ වෛරී ප‍්‍රකාශ මෙන්ම වෛරී කි‍්‍රයා පාලනයට ද ආණ්ඩුව හෝ ආරක්ෂක අංශ කටයුතු නොකළ බවයි. වෛරී ප‍්‍රකාශ සිදුකරන භික්ෂූන් වහන්සේ අතර මෑතකදී ජනාධිපති සමාව ලබා නිදහස් වූ හිමි නමක් ද සිටින බවත්, රටේ තැන තැන ගොස් විවිධ ප‍්‍රකාශ සිදු කරන බවත් රවුෆ් හකීම් මන්තී‍්‍රවරයා මෙහිදී ප‍්‍රකාශ කර තිබේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු විවිධ පිරිස් සිදුකළ කි‍්‍රයා හේතුවෙන් තමන් බලයට පත්කළ මුස්ලිම් ජනතාව පීඩාවට පත් වූ බව මන්තී‍්‍රවරයා පෙන්වා දී ඇති අතර තමන් ආණ්ඩුවේ සිටියද තම ජනතාව රැක ගැනීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම්  ඕස්ටේ‍්‍රලියාවේ ABC රේඩියෝවට අදහස් දක්වමින් ප‍්‍රකාශ කර තිබේ.

මේ වනවිට මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාර මෙන්ම ජනජීවිතය ද අඩාල වී ඇති බව මෙහිදි ප‍්‍රකාශ කර ඇත.  තමන් ඇතුළු පිරිස ආණ්ඩුවේ දැරූ ධූරවලින් ඉල්ලා අස්වූයේ “අපගේ සහෘදයින් වෙනුවෙන්” බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම් පවසා තිබේ.

වෛරී ප‍්‍රකාශ, වර්ගවාදී කටයුතු, වෛරී කි‍්‍රයා පාලනය කිරීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගන්නා බව ඔහු මෙහිදි අවධාරණය කර ඇත.



3 thoughts on “ධූරය අත්හැරි හකීම් ජාතික ආරක්ෂාව බිල්ලට දී ජාත්‍යන්තරයත් නොමග යැවීමේ සූදානමක”

  1. මුන් LTTE කාලෙත් ඔහොම තමයි.ප්‍රබාකරන් හම්බුවෙලා වෙනම රාජ්‍ය කොරනත් ගියා .විස්වසකරන්න නොහැකි බොරුකරයේ පුත්ගලය්ක්

  2. ඉතින් මේ වගේ අයට තමයි අපේ හාමුදුරුවරු “ඇවිත් වහාම සුපුරුදු බලතල ගන්න” කියලා “විධාන” කරන්නේ!

  3. මෙයා අර බුද්දි නිලධාරීන්ව එලි කරන තේරීම් කාරක සභාවේත් ඉන්නවා නේද? බුද්දි නිලධාරීන් සල්ලි ගස් හොල්ලලා වට්ට ගන්න හදන්නත් බැරි නෑ!
    එතකොට අර ජාත්‍යන්තරේටම මේ කාරක සභාව පෙන්නුවම පිටරටවල ඉන්න ඩයස්පෝරා කපටි බලු රැලත් අනෙකුත් අපිට හතුරු බටහිරයොත් බුද්දි නිලධාරීන්ව අදුනගන්නවා! බුද්දි නිලධාරීන් ගෙන්නලා ඇගිලි සලකුණු ගත්තෙත් ඒ අය රාජකාර්යකට පිට රට ගියොත් එහෙදි නිරීක්ෂණය කරන්න පහසු වෙන්නයි, ඒවාට බාද කරන්නයි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More