දේශීය පුවත්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සම්බන්ධ බව සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වීමට තමා සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කඩුවෙල පැවති ජන හමුවකදීයි.

“මංගල සමරවීර කියනවා ISIS තර්ජනයට ලක්වෙලා ඉක්මනින්ම යථා තත්ත්වයට පත් වුණු ලෝකෙ එකම රටලු ලංකාව. ISIS මෙහේ ආවේ නැහැ. මෙහේ ඊබ්‍රාහිම්ගෙ පුත්තු ISIS හොයාගෙන ගියේ. ISIS නම් දැම්මේ අමෙරිකානු හමුදා ගෙන්වාගන්න. අමෙරිකානු හමුදාවට එන්න සහරාන් ඕනේ. එනිසා තමයි සහරාන්ලට හැදෙන්න නිදහස දුන්නේ. රිෂාඩ්ලව රකින්නේ ඒ නිසයි. රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ත්‍රස්තවාදයට සම්බන්ධ නැහැ කියනවානම් තව ටික දවසකින් මම සාක්ෂි සහිතව මම ඔප්පු කරලා පෙන්වනවා. රිෂාඩ් තවමත් ඇමති තමයි. අපිට බොරු ෂෝ එකක් දැම්මා අයින්වෙනවා කියලා. රිෂාඩ්ගෙන් මම අහනවා සහරාන්ලගේ වැඩවලට සතොස වාහන පාචිච්චි වුණේ නැද්ද? සතොස වාහනවල සහරාන්ලා ගියේ නැද්ද? ප්‍රහාරයට පෙර දිනයේ සතොසට අයිති වාහනවල ගියේ නැද්ද? සයින්දමරදු මරාගෙන මැරුණු නිවසට ගියේ නැද්ද? අපි රිෂාඩ්ට අභියෝග කරනවා පුළුවන් නම් නැහැ කියන්න අද නැහැ කිව්වොත් මම හෙට ඔප්පු කරනවා. එහෙම ඔප්පු කළොත් මම පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙනවා කියන්න.”විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටියේය.

.

රිෂාඩ් ත්‍රස්ත කටයුතුවලට අනුබල දුන් බව සාක්ෂි සහිතව ඔප්පු කරන්න සූදානම්2019-06-05 ටී.වී. දෙරණ ප්‍රවෘත්ති

Gepostet von Wimal weerawansa am Mittwoch, 5. Juni 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More