දේශීය පුවත්

කැබිනට් ,රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිධූරවලින් ඉවත් වූ  මුස්ලිම් මන්ත්‍රීවරු නව දෙනා සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මෙතෙක් භාරදී නැතැයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම එම ඇමැතිවරුන් කිසිවකුත් සිය නිල වාහන භාරදීමක්ද සිදුකර නොමැති අතර පෞද්ගලික කාර්ය මණ්ඩලයද ඉවත් කර ගෙන නැතැයි වාර්තාවේ.

මෙම මන්ත්‍රීවරුන් කැබිනට් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූරවලින් ඉවත්වීමේ ලිපි භාරදී ඇත්දැයි අමාත්‍ය ධූරවලින් ඉවත්වීමේ ලිපි භාරදී ඇත්දැයි ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේද එවැනි ඉල්ලා අස්වීමේ ලිපි කිසිවක් අද (05) රාත්‍රීය වනවිටත් ජනාධිපති කාර්යාලයට ලැබී නොමැති බවය.

මේ අතර අදාල මන්ත්‍රීවරුන් අමාත්‍යධූර දැරූ අමාත්‍යාංශවල ලේකම්වරුන් කිහිපදෙනෙකුගෙන් කළ විමසීමකදී ඔවුන්ද සඳහන් කළේ ඉල්ලා අස්වූ අමාත්‍යවරුන් නිල වාහන භාරදීමක් හෝ කාර්ය මණ්ඩල ඉවත් කර ගැනීමක් සිදුකර නොමැති බවත්ය.

ඉල්ලා අස්වන බව කී කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු

  • නගර සැලසුම් ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම්
  • කර්මාන්ත හා වාණිජ අවතැන් පුද්ගලයින් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්
  • මහාමාර්ග මාර්ග සංවර්ධන , ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්
  • තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු අමාත්‍ය ඒ.එල්.එම් හලීම්
  • කෘෂිකර්ම, වාරිමාර්ග ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය අමීර් අලි සියාබ්දීන්
  • සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්
  • පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය එච්.එම්.එම් හාරිස්
  • සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය සියාබ් අලිසාහිර්
  • වරාය නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ්


One thought on “මුස්ලිම් ඇමතිවරු රටම අන්දයි… ඉල්ලා අස්වීමේ ලිපි තවම සාක්කුවේ”

  1. ඔය කපටිකම් හින්ද තමයි රතන හාමුදුරුවෝ ලියුම බලන්නම ඉල්ලා හිටියේ. අගමැති රනිල්ගේ කට්ටිය මොනවා කලත් උඩින් පේන දේ නෙමෙයි යටින් තියෙන්නේ. යම් පත්වීමක්/අස්වීමක් නිල වශයෙන් සිදුකිරීමේ ක්‍රියාවලිය ගැන ජනාධිපති කාර්යාලය නොදැන හිටියා කියන්න පුලුවන්ද?

    කොහොම නමුත් රතන හිමියන්ගේ උපවාසය අත් ඇරුන එක ගැන නම් සන්තෝෂයි.
    එකක්, සිවුරක් දරාගෙන ඉන්න හිමිනමක් නිරාහාරව වැතිර ඉන්නවා බලන්න වෙන එක මිහිරි දසුනක් නෙවයි. සිවුරු දරාගෙන ඉන්න හිමිවරුන් 90% ක්ම ඒ සිවුරට අදාළ ගුණයන්ගෙන් අංශු මාත්‍රයක් හරි දරන අය බවට අපේ විශ්වාසයක් තියනවා.
    අනික තමයි දළදා සමිදුන්ට හොදහැටි පිටුපස්ස හරවල රතන හිමියන්ට වැද වැටුන හිමිවරු/දායක දායිකාවන් දකින්න වෙන එකෙන් මිදෙන්න පුළුවන් වීම!
    පිහිට ඉල්ලන්න ආවේ කාගෙන්ද කියලවත් මතක නැති හාමුදුරුවෝ/දායකයෝ දැක්කම මේ අයද මේ රටේ අනාගත නායකයෝ තීරණය කරන්නේ කියල හිතට හරිම සංවේගයක් ඇති වෙනවා.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More