දේශීය පුවත්

යුද්ධයේ අවසන් කාලසීමාවේදී කාලතුවක්කු හා මෝටාර් ප‍්‍රහාරවලට ලක්ව මියගිය පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වන්දියක් ගෙවීම සුදුසු බව තමන් ජනාධිපතිවරයාට යෝජනා කරන බව අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය 2 දා කිළිනොච්චියේදී පැවසූවාය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසූවේ කිළිනොච්චියේ සමෘද්ධිලාභීන් 13078 කට සමෘද්ධි සහනාධාර පිරිනැමීම සඳහා කිළිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති උත්සවයේදීය. සමාජ සුබසාධන සහ ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය කියා සිටියේ රජය යුද්ධයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් විවිධ ආධාර උපකාර කරන ලැබුවත් යුද්ධයේ අවසන් කාල වකවානුවේදී මිනිසුන් විශාල ප‍්‍රමාණයක් මියගියේ බරපතළ තත්ත්වයක් මත බවයි.

මේ නිසා ඔවුන් වෙනුවෙන් විශේෂ වන්දියක් ලබා දීම සුදුසු බව තම අදහස බැවින් මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවන බවද කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More