දේශීය පුවත්

ජාතීන් අතර සහජීවනය හා රාජ්‍ය ආරක්ෂාවට බාධා වන ආකාරයෙන් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව මෙකී චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු වන තැනැත්තෙකුට රුපියල් දශ ලක්ෂයක් දක්වා දඬ මුදලක් නියම කිරිමට හෝ වසර 5කට නොවැඩි සිර දඬුවමක් නියම කිරීමට හෝ එම දඬුවම් දෙකටම යටත්වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධය කිරිමට නියමිතය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වෙතින් ඉල්ලීමක් කර තිබූ අතර එය වැඩබලන අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More