නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස දකුණු පළාත් සභාවේ හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (05) මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්නේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මෙම දිවුරුම් දීම සිදු කෙරිණි.
නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එච්.එල්.ඒ එම් හිස්බුල්ලා මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම පුරප්පාඩු වූ තනතුරට ෂාන් විජයලාල්ද සිල්වා මහතා මෙලෙස පත් කෙරිණි.
පසුගිය අප්‍රේල් මාසයේදි ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ පළාත් සභා නිල කාලය අවසන් වන තුරුම ඔහු පළාත් මහ ඇමැති ලෙස කටයුතු කළේය.
අම්බලන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාද වන ඔහු පිටපිටම තුන්වතාවක් දකුණු පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...