පුරවැසි කොලම

ඉස්ලාම් අන්තවාදයේ එක් අංශයක් වන්නේ එහි සන්නද්ධ අංශයයි. ඔවුන් අප්‍රේල් 21 එහි පලමු ප්‍රහාරය දියත් කලේය. එහි නායකත්වය සහරාන් විසින් දැරූ අතර මේවන විට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සහමුලින්ම එම අංශය යටපත්කොට ඇති බව මගේ හැඟීමයි.

එහි අනෙක් අංශය වන්නේ දේශපාලන අංශයයි. එය කිසිවෙකුගේ ඇසට හසුනොවන අන්තවාදය පෝෂණය කෙරෙන වඩාත් භයානකම අංශයයි. අන්තවාදයේ ව්‍යාප්තිය, පෝෂණය සහ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක වන්නේ ඒ හරහාය. සහරාන් ඇතුළු එහි සන්නද්ධ අංශය පෝෂණය වූයේ මේ හරහා බව ඒ පිලිබඳ විමසීමෙන් බලන්නෙකුට පැහැදිලිය. මේ අන්තවාදයේ දේශපාලන අංශයේ නායකත්වය දරන්නේ කවුදැයි මම නොදනිමි. ඇතැම්විට එය උලමා සංවිධානය හරහා විය හැකිය. එසේත් නැති නම් වෙනත් අන්තවාදී පල්ලියක් මූලාශ්‍ර කරගෙන ගොඩ නැංවෙනවා ඇත. එය එළිදරව් කිරීම ශ්‍රී ලාංකේය මුස්ලිම් සමාජයේ වගකීමකි.

ISIS බ්‍රෑන්ඩ් කිරීමක් ඔස්සේ පසුගිය ප්‍රහාරය ඉදිරියට ආවද එහි ඇත්ත අන්තවාදය වෙන කිසිවක් නොව වහබ්වාදය බව දැන් ඔප්පු වෙමින් පවතී. වහබ්වාදය වපුරමින් ශ්‍රී ලාංකේය සමාජය විනාශ කිරීමේ දේශපාලන හස්තයන් ලෙස දේශපාලනඥයන් තිදෙනෙකු වෙත චෝදනා එල්ලවිය. ඔවුන් ධුරවලින් පහකර පරීක්ෂණ කටයුතු සිදුකල යුතු බව එල්ලවූ පීඩනය හමුවේ සිද්ධවූයේ සියළු මුස්ලිම් ජාතික දේශපාලනඥයින් සිය ධුරවලින් ඉවත්වීමයි. එයින් ඔවුන් රටට දුන් පණිවිඩය කුමක්ද යන්න විමසා බැලීමේදී පැහැදිලිවන කරුණක් වන්නේ වහබ්වාදී අන්තවාදී චෝදනා එල්ල වූ දේශපාලනඥයින් තිදෙනා වෙනුවෙන් සමස්ථ මුස්ලිම් දේශපාලනඥයින් පෙලගැසීමෙන් ඔවුන්ද එම අන්තවාදයට සහාය දක්වන්නන් බව හැංඟවීමයි. දැන් එය හරි පැහැදිලි ඉරකින් බෙදා වෙන්කොට දක්වා ඇත. ඉස්ලාම් අන්තවාදයේ දේශපාලන අංශය දැන් විවරවී තිබේ. මේ සඳහා සමස්ථ මුස්ලිම් සමාජය සම්බන්ධ බව මම කිසිවිටෙක නොකියමි. එහෙත් ඒ සඳහා ඔවුන්ගෙන් පිරිසක් ඒ වෙත තල්ලුවීයාමක් සිදුවිය හැකි බව මගේ හැඟීමයි.

දැන් මේ හරහා පාර්ශව දෙකකට අභියෝග එල්ලවී තිබේ. එයින් එක් පාර්ශවයක් වන්නේ ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජයයි. පසුගිය දා එල්ලවූ පාස්කු ප්‍රහාරය හරහා සමස්ථ මුස්ලිම් සමාජය ශ්‍රී ලාංකික මහා සමාජයෙන් කොන්වී යාමේ තර්ජනයකට ලක්වී තිබීණ. එය යම්තාක් දුරකට සමනය වෙමින් පවතින මොහොතක මුස්ලිම් දේශපාලනඥයින්ගේ මේ හැසිරීම අනුව නැවත වතාවක් මුස්ලිම් සමාජය මහා සමාජයෙන් කොන්වීමේ තර්ජනය උද්දීපනය වෙමින් පවතී. එම තත්වය වලක්වා ගැනීමේ අභියෝගය මුස්ලිම් සමාජය හමුවේ දැන් පවතී. ඒ සඳහා කලයුතු හදිසි ක්‍රියාමාර්ගය නම් මේ දේශපාලනඥයින්ට මුස්ලිම් සමාජයේ විරෝධය එල්ල කිරීමයි. මීලඟ මැතිවරණයකදී එම දේශපාලනඥයින් තමන්ගේ නියෝජිතයින් ලෙස තෝරාපත් කර නොගැනීමට කටයුතු කිරීමයි. ඔවුන් සිදුකලේ සහරාන් ඇතුළු සන්නද්ධ අංශය විසින් අගාධයකට තල්ලුකොට තිබූ මුස්ලිම් ජනයාගේ ජනජීවිතය ගොඩඑමින් සිටියදී නැවත පයින් ගසා වලට තල්ලුකර දැමීමකි. ඒ සඳහා කලයුතු කටයුතු සිදුකිරීම ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනයා වෙත භාරකරමි.

මේ හරහා අනෙක් අභියෝගය එල්ලවූයේ ජාතික දේශපාලනයේ නිරත සියලු දේශපාලන පක්ෂ හා නායකයින් වෙතයි. මුස්ලිම් ජාතික දේශපාලනඥයින්ගේ ජාතිකවාදී දේශපාලන සළු ගලවා දමා අන්තවාදී, ජාතිවාදී සළු ඇඳසිටිනා බව ශ්‍රී ලාංකික මහා සමාජය දැන් තේරුම් ගෙන ඇත. මේ දෙස ජාතික දේශපාලනයේ නිරත නායකයින්ගේ ක්‍රියාකලාපය පිළිබඳ ඔවුන් සීරුවෙන් සිටී. දැන් කලයුත්තේ කුමක්ද? මෙරට පවතින පොදු නීතිය සෘජුව ක්‍රියාත්මක කිරීම සහ ඒ සඳහා බලකිරීමයි. එවිට සියළු ආකාරයේ අන්තවාදී ක්‍රියාකාරකම් සහ ඒ සඳහා සහාය දැක්වූ දේශපාලන නායකයින් කවුද යන්න රට හමුවේ හෙලිදරව් කර ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමයි. එසේ නොවන තාක් මහා සමාජය “දේශපාලනයට එරෙහි දේශපාලනය” ක්‍රියාත්මක කරනු ඇත. එය තවදුරටත් වර්ධනය වෙමින් ජාතිවාදී ස්වරූප ප්‍රසිද්ධියේ දේශපාලන චරිතබවට පත්වෙමින් ජාතික දේශපාලනය ප්‍රතික්ෂේප වනු වලකාලිය නොහැකිවනු ඇත.

එමෙන්ම ශ්‍රී ලාංකික මහා ජනසමාජය බේරාගැනීමේ අවසන් අවස්ථාව මෙය වනු ඇත.

තුසිත ජයවර්ධන
2019.06.05



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More