දේශීය පුවත්

මූල්‍යමය වාසි මත හෝ බිය වැද්දවීම් නිසා හෝ රවුෆ් හකීම්, කබීර් හෂීම් ඇතුළු ආණ්ඩුවේ සියලු මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීමෙන්, රිෂාඞ් බදුර්දීන්ට එරෙහිව වහාබ්වාදී ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාවෙන් ඔහු නිදහස් කර ගැනීමත් මුළුමහත් මුස්ලිම් ජන සමාජයම වහාබ්වාදී ත්‍රස්තවාදයට යටත් කරවීමත් යන කරුණු දෙකම ඉටු වී ඇති බවත් මෙය ශ්‍රී ලාංකීය සමාජය බරපතළ අනතුරකට ඇද දමා ඇති බවත්  ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි  ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාස ක්‍රියාමාර්ගයකට එළැඹුණේ මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් ජන සමාජයේ පමණක් නොව සාමය අගයන මුළුමහත් ලෝක වාසීන්ගේම ඉල්ලීම වූ ‘වහාබ්වාදී ත්‍රස්තවාදය පිටුපස වූ දේශපාලන හස්තය නීතිය ඉදිරියට ගෙන ඒම’ ඉටු කරලීමට බවත් ඒ අනුව රිෂාඞ් බදුර්දීන්, අසාද් සාලි, ඒ.එම්.එල්.එම් හිස්බුල්ලා යන වහාබ්වාදී ත්‍රස්තවාදයට කිරි පෙවූවන් රස්සාවලින් ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ජානිපෙ ජාතික සංවිධායකවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව තුළත් විවිධ ජාතික සංවිධාන, වෘත්තීයවේදීන්ගේ සංවිධාන ඉහත සිව්දෙනා හා වහාබ්වාදී ත්‍රස්තවාදය අතර වන සබඳතාව පෙන්වා දී ඇති බවත් මේ අය වහාබ්වාදී ත්‍රස්තවාදීන් ආරක්ෂා කිරීමට කටයුතු කරන ආකාරය මෙරට ආරක්ෂක ප්‍රධානීන් හොඳින් දන්නා බවත් පැවැසූ ජයන්ත සමරවීර මහතා මේ සිවුදෙනා අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණවීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව ද සඳහන් කළේය. ඒ නිසා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා නාඩගම් නවතා වහාම මේ පිරිස නීතිය හමුවට පැමිණවීමට පියවර ගත යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

සහරාන්ලා හා රිෂාඞ් බදුර්දීන්ලා සමග එකට සිට ගැනීමෙන් මුස්ලිම් ජන සමාජය වෙළාගෙන ඇති වහාබ්වාදී පිළිකාවට පිළියම් කළ හැකිදැයි තමන් කබීර් හෂීම් ඇතුළු මුස්ලිම් ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කරන බවත් පැවසූ ජයන්ත සමරවීර මහතා මෙසේ සහරාන්ලා හා රිෂාද් බදුර්දීන්ලා සමඟ සිට ගැනීමෙන් මේ ඇමතිවරුන් වහාබ්වාදී ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වූ සාමකාමී මුස්ලිම් ජනතාව පාවා දී ඇති බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය. වහාබ්වාදී ත්‍රස්තවාදීන්ගේ වෙඩි පහරට ලක්ව ආබාධිතව සිටින තම ලේකම්වරයාව ද අද කබීර් හෂීම් ඇමැතිවරයා විසින් පාවා දී ඇති බව ද ජයන්ත සමරවීර මහතා මෙහිදී සිහිපත් කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More