ව්‍යාපාරික පුවත්

සූර්යබල සංග්‍රාමය යටතේ පැවති විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රමය නැවත සමාලෝචනය කර ඇති බව විදුලිබල, බලශක්ති සය ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා සදහන් කළේ මේ සම්බන්ධව සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ සේවා සපයන ආයතනවල සහ ලංකා විදුලිබල මණ්ඩලයේ එකගත්වය ඇතිව යෝජනා කිහිපයක් ඉදිරිපත් වී ඇති බවයි.

ඒ අනුව මේ වසරේ අගෝස්තු 01 දින සිට Net Plus ක්‍රමවේදය පමණක් ක්‍රියාත්මක කිරීමට ඕනැම විදුලි පාරිභෝගිකයෙකුට ලබාදීම, කි.වො. 50ට අඩු ධාරිතාවයන් සදහා වසර 20ක කාලය තුල විදුලිය මිලදී ගැනීමේදී එක් ඒකකයක ගාස්තුව රු. 19.75 ක්ද, කි.වො. 50 සිට කි.වො. 1000 දක්වා විදුලිය මිලදි ගැනීමේ එක් ඒකකයක ගාස්තුව රු. 18.75 ක් ද, කි.වො. 1000ට වඩා ධාරිතාවයන්ගෙන් විදුලිය මිලදී ගැනීමේදී ලබාදෙන මුදල ඒකකයකට රු. 16.00 ක් වශයෙන්ද සංශෝධනය කර ඇත. මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ඉදිරියේදී කටයතු කරන බව අමාත්‍ය කරුණානායක මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More