පුරවැසි කොලම

ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්‌සර හිමි
madudham@yahoo.com

(ජර්මනියේ කපූත්හි පිහිටි මහාචාර්ය ඇල්බට්‌ අයින්ස්‌ටයින්ගේ නිවසේ දී මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර් සහ මහාචාර්ය ඇල්බට්‌ අයින්ස්‌ටයින් අතර වූ සංවාදයකි)

තාගෝර:- සත්‍යයේ විශ්වීයත්වය වන මිනිසාගේ සදාකාලික ලෝකය ගැන මා මේ රටේ දේශන පවත්වමින් ඉන්න අතරතුර ඔබ පැරණි භාවයන් දෙකක්‌ වන කාලය සහ අවකාශය පිළිබඳ ව කරුණු සොයමින් ගණිතය සමග කාර්ය බහුල වී සිටිනවා.

අයින්ස්‌ටයින්:- දේවත්වය ලෝකයෙන් හුදෙකලා වූවක්‌ වශයෙන් ඔබ විශ්වාස කරනවා ද?

තාගෝර්:- හුදෙකලා වූවක්‌ නොවේ. මිනිසාගේ සීමා රහිත පෞද්ගලිකත්වය (තමා තුළට) විශ්වය ඇතුළත් කරගන්නවා. මානව පෞද්ගලිකත්වයට ඇතුළත් කරගනු නොලබන කිසිවක්‌ නොපැවතිය හැකි යි. එමෙන් ම මේ විශ්වය පිළිබඳ සත්‍යය යනු මිනිසා පිළිබඳ සත්‍යය යන්න ඔප්පු කරනවා.

මෙය පැහැදිලි කිරීම සඳහා මා විද්‍යාත්මක කරුණක්‌ ගෙන තියෙනවා. ද්‍රව්‍යය සෑදී තිබෙන්නේ ප්‍රොaටෝන සහ ඉලෙක්‌ට්‍රෝනවලින්. ඒවා අතර පරතරයක්‌ සහිත ව. එහෙත් ද්‍රව්‍යය (වෙන් වෙන් ව පවත්නා ඉලෙක්‌ට්‍රෝන හා ප්‍රොaටෝන එක්‌සත් කරන අවකාශය සමග සම්බන්ධතා නොමැති ව) ඝන දෙයක්‌ ලෙස පෙනී යා හැකි යි. ඒ හා සමාන ව මනුෂ්‍යත්වය සෑදී තිබෙන්නේ තනි තනි පුද්ගලයන්ගෙන්. එහෙත් මිනිසාගේ ලෝකයට ඒකමතිකත්වය ලබා දෙන, ඔවුන්ගේ මානව ඥාතිත්වයේ අන්තර් සම්බන්ධතාව ඔවුන් සතු වෙනවා. සමස්‌ත විශ්වය ම අප සමග සම්බන්ධ වී තියෙනවා (තනි තනි පුද්ගලයන් වශයෙන්) එමෙන් ම, එය මානව විශ්වයක්‌. කලාව, සාහිත්‍යය සහ මිනිසාගේ ආගමික විඥානය තුළින් මා මේ සිතිවිල්ල ලුහුබැඳ ගොස්‌ තියෙනවා.

අයින්ස්‌ටයින්:- විශ්වයේ ස්‌වභාවය පිළිබඳ එකිනෙකට වෙනස්‌ වූ සංකල්ප දෙකක්‌ තියෙනවා. (1) ලෝකය මනුෂ්‍යත්වය පිළිබඳ ඒකීය පරාධීන වූවක්‌ වශයෙන් (2) ලෝකය මානව කාරණයෙන් සත්‍ය ස්‌වාධින වූවක්‌ වශයෙන්.

තාගෝර්:- අපගේ විශ්වය සදාකාලික වූ මිනිසා සමග එක්‌ වන විට, අප දන්නවා එය සත්‍යය වශයෙන්ත අප විඳගන්නවා එය සුන්දරත්වය වශයෙන්.

අයින්ස්‌ටයින්:- මෙය විශ්වය පිළිබඳ හුØ මානව සංකල්පනාවක්‌.

තාගෝර:- ඒ සම්බන්ධයෙන් වෙනත් අදහසක්‌ තිබිය නොහැකි යි. මේ ලෝකය මානව ලෝකයක්‌ – විද්‍යාත්මක මිනිසාගේ විද්‍යාත්මක දැක්‌මත් එය යි. (එනිසා මේ ලෝකය අපගෙන් වෙන්ව නොපවතියි. එය අෙන්‍යාන්‍ය වශයෙන් සම්බන්ධ වූ ලෝකයක්‌, එහි සම්බන්ධතාව අපගේ විඥානය මත යෑපෙනවා.) හේත්වාත්මක මිතිය එහි තියෙනවා. එමෙන් ම ඊට සත්‍යය ලබාදෙන ප්‍රීතිය, අපගේ අත්දැකීම් තුළින් අත්දැකීම් ලබන සදාකාලික මිනිසාගේ මිතිය එහි තියෙනවා.

අයින්ස්‌ටයින්:- මෙය මානව භාවයන්aගේ යථාර්ථ නිරූපණයක්‌.

ඔව්තාගෝර්:- ඔව්, එක, සදාකාලික භාවය. අපි එය අපගේ හැඟීම් සහ ක්‍රියාකාරකම් තුළින් යථාර්ථ නිරූපණය කොට තියෙනවා. අපි අපගේ සීමාවන් තුළින් තනි තනි සීමාවන් රහිත සුපිරි මිනිසා යථාර්ථ නිරූපණය කරනවා. තනි තනි පුද්ගලයනට බාධා නොකිරීම සමග විද්‍යාව සම්බන්ධ ව පවතිනවා. සත්‍යයේ අපෞද්ගලික මානව ලෝකය එය යි. ආගම මේ සත්‍යයන් පැහැදිලි කරනවා. එමෙන් ම ඒවා අපගේ ගැඹුරු අවශ්‍යතා සමග සම්බන්ධ කරනවා. සත්‍යය පිළිබඳ අපගේ තනි තනි විඥානයන් විශ්වීය වැදගත්කම අත්කර ගන්නවා. ආගම සත්‍යයට අගයන් එක්‌ කරනවා. එමෙන් ම එය (සත්‍යය) සමග අප ම එක්‌ වීම තුළින් සත්‍යය යහපත් දෙයක්‌ වශයෙන් අප දන්නවා.

අයින්ස්‌ටයින්:- එවිට, සත්‍යය හෝ සුන්දරත්වය මිනිසාගේ ස්‌වාධීනතාව නොවෙයි?

තාගෝර්:- නෑ. (මා එසේ කියන්නේ නෑ)

අයින්ස්‌ටයින:- ඉඳින්, මානවයකු නොවන්නේ නම්, Belvedere ගේ ඇපොලෝ තවදුරටත් සුන්දර නොවේවි.

තාගෝර්:- නෑෘ

අයින්ස්‌ටයින්(- සුන්දරත්වය පිළිබඳ මේ සංකල්පය සමග මම ඉතා ඕනෑකමින් එකඟ වෙනවා. එහෙත් සත්‍යය පිළිබඳ කරුණ සමග එකඟ වන්නේ නෑ.

තාගෝර්:- ඇයි එකඟ නොවන්නේ? සත්‍යය අර්ථ නිරූපණය වී ඇත්තේ මිනිසා තුළින්.

අයින්ස්‌ටයින්:- මට මගේ සංකල්පය හරි යෑ යි ඔප්පු කළ නොහැකි යි. එහෙත් එය යි මගේ ආගම.

තාගෝර්:- සුන්දරත්වය පවතින්නේ විශ්වීය සත්ත්වයාගේ සම්පූර්ණ එකඟත්වයේ උත්කෘෂ්ට තත්ත්වය තුළ යි. සත්‍යය යනු විශ්වීය මනසේ සම්පූර්ණ අවබෝධය යි. තනි තනි වූ අප අපගේ දීප්තිමත් විඥානයන් තුළින්, රැස්‌ කරගත් දැනුම තුළින් ඊට ළං වෙනවා. එසේ නැතහොත් කෙසේ නම් සත්‍යය දැනගන්න ද?

අයින්ස්‌ටයින:- මනුෂ්‍යත්වයේ ප්‍රබල ස්‌වාධීනත්වය වූ සත්‍යය වශයෙන් එය තේරුම් ගත යුතු යෑ යි මට විද්‍යාත්මක ව එය ඔප්පු කළ නොහැකියි. එහෙත් මම එය දැඩිව විශ්වාස කරනවා. උදාහරණයක්‌ හැටියට, බොහෝ සෙයින් සත්‍යය වූ පයිතගරස්‌ගේ ජ්‍යාමිතිය පිළිබඳ සිද්ධාන්තය මිනිසාගේ පැවැත්මේ ස්‌වාධීනතාව පිළිබඳ කිසිවක්‌ දක්‌වන්නේ යෑ යි මා විශ්වාස කරනවා. කෙසේ වෙතත්, මිනිසාගේ තථ්‍ය ස්‌වාධීනතාවක්‌ වන්නේ නම් මේ තථ්‍යය සමග සම්බන්ධ වූ සත්‍යයක්‌ ද පවතිනවා. ඒ අයුරින්ම පළමු වැන්න නැතැයි දැක්‌වීම දෙවනුව කී දෙයෙහි පැවැත්මේ නාස්‌තිත්වය උපද්‍රවයට ලක්‌ කරනවා.

තාගෝර්:- විශ්වීය සත්ත්වයා පිළිබඳ එකම සත්‍යය මිනිසකු වශයෙන් ඉඳුරා ම අවශ්‍ය යි. එසේ නැතිව තනි තනි පුද්ගලයන් වශයෙන් අප කුමක්‌ සත්‍යය වශයෙන් අර්ථ නිරූපණය කළත් එය සත්‍යය වශයෙන් කිව නොහැකියි. අඩුම තරමින්a විද්‍යාත්මක වශයෙන් විස්‌තර කරනු ලබන සත්‍යය කරා ළඟා විය හැක්‌කේ තර්ක පටිපාටියෙන්, වෙනත් වචනවලින් කියනවා නම්, මානව චින්තාවන්ගේ ඉන්ද්‍රියයන් මගින් පමණයි. ඉන්දියානු දර්ශනයට අනුව පෞද්ගලික මනසේ හුදෙකලා වීම මගින් තේරුම් ගත නොහැකි, වචනයෙන් විස්‌තර කළ නොහැකි, පරම සත්‍යය වූ බ්‍රහ්මන් පවතිනවා. එහෙත් එය අර්ථ නිරූපණය කළ හැක්‌කේ එහි සීමා රහිත තත්ත්වය තුළ පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම මිශ්‍ර කිරීමෙන් පමණ යි. එසේ වුවත් එබඳු සත්‍යය විද්‍යාවට අයත් විය නොහැකියි. පෙනෙන දෙයක්‌ වශයෙන් අප සාකච්ඡා කරන සත්‍යයේ ස්‌වභාවය – මිනිසාගේ මනසට සත්‍යයක්‌ වශයෙන් පෙනෙන නිසා එය මානව සත්‍යය වශයෙන් කිව යුතු යි. එමෙන් ම එය මායා හෝ රැවටිල්ලක්‌ යෑ යි කිව යුතු යි.

අයින්ස්‌ටයින්:- ඉන්දියානු සංකල්පයක්‌ විය හැකි ඔබේ සංකල්පයට අනුව එය තනි තනි පුද්ගලයන්ගේ මායාව නොවෙයි. මුළු මහත් මානව සංහතියේම මායාව යි.

(තාගෝර්:- ජාතියත් අයත් වන්නේ මානව සමූහයටයි. එනිසා සමස්‌ත මානව මනසම සත්‍යය අර්ථ නිරූපණය කරනවා. ඉන්දියානු හෝ යුරෝපීය මනස පොදු අර්ථ නිරූපණයේ දී හමු වෙනවා.

අයින්ස්‌ටයින්:- ජර්මනියේ ජාතිය (species) යන වචනය යොදන්නේ සියලු මානව වර්ගයා සඳහා යි. ඇත්ත වශයෙන්ම වඳුරන්, ගෙම්බන් පවා ඊට අයත් විය හැකි යි.

තාගෝර්:- විද්‍යාවේ දී අපේ තනි තනි මනස්‌වල පෞද්ගලික සීමාවන් ඉවත් කිරීමේ ශික්‍ෂණය තුළින් අප ගමන් කරනවා. එමෙන් ම එය විශ්වීය මිනිසාගේ මනස තුළ ඇති සත්‍යාවබෝධය වෙත ළඟා වෙනවා.

අයින්ස්‌ටයින්:- සත්‍යය අපේ විඥානයෙන් ස්‌වාධීන වූවක්‌ ද යන ගැටලුව මතු වෙනවා.

තාගෝර්:- අප කථා කරන සත්‍යය පවතින්නේ සුපිරි පෞද්ගලික මිනිසාට අයත්, සත්‍යතා වේ සාධනාත්මක හා නිෂේධනාත්මක යන දෙක අතර තර්කාන්විත සාමග්‍රිය තුළ යි.

අයින්ස්‌ටයින්:- අපගේ එදිනෙදා ජීවිතයේ දීත් මිනිසාගේ තථ්‍ය ස්‌වාධීනතාව අප භාවිත කරන ද්‍රව්‍යවලට පවරන්නට අප බල කරනවා. අප මෙය කරන්නේ අපගේ ඉන්ද්‍රියානු භූතීන් සාධාරණ වූ මාර්ගයකින් සම්බන්ධ කරන්නට යි. උදාහරණයක්‌ වශයෙන් ගත් විට, කිසිවකු මේ කාමරය තුළ නැතත් අර මේසය එය ඇති තැනම පවතිනවා.

තාගෝර්:- ඔව්, එය තනි තනි මනසින් බාහිරව පවතිනවා. එහෙත් එය විශ්වීය මනසින් බාහිර නොවෙයි. මා තේරුම් ගත් මේසය යනු මට අයත් ඊට සමාන වූ ම විඥානයට තේරුම් ගත හැකි දෙය යි.

අයින්ස්‌ටයින්:- ඉඳින් ගෙය තුළ කිසිවකු නොමැති නම් මේසය ඒ අයුරින් ම පවතීවි. එහෙත් මෙය ඔබගේ තර්කයෙන් අන්‍ය (තර්කයට නොගැළපෙන සේ) වූවක්‌. මක්‌ නිසා ද යත්, අපගේ ස්‌වාධීනතාව, මේසය එහි ඇත යන්නෙන් කුමක්‌ අදහස්‌ කරන්නේ දැ යි අපට විස්‌තර කළ නොහැකි යි.

මනුෂ්‍යත්වයෙන් වෙන් වූ සත්‍යයේ පැවැත්ම සම්බන්ධයෙන් අපගේ ස්‌වාභාවික තර්කය විස්‌තර කිරීම හෝ ඔප්පු කිරීම කළ නොහැකියි. එසේ වුවත් එය කිසිවකුටත්, මූලික සත්ත්වයනට පවා ඉවත් විය නොහෙන විශ්වාසයක්‌.

අප සත්‍යයට සුපිරි මානව වාස්‌තවිකත්වයක්‌ ආරූඪ කරනවා. එය අපට අත්‍යවශ්‍යකයි. එහි අරුත කුමක්‌ දැයි අපට කිව නොහැකි වුවත් මේ සත්‍යතාව අපගේ පැවැත්මෙන්, අපගේ අත්දැකීමෙන් සහ අපගේ මනසින් ස්‌වාධීන වූවක්‌.

තාගෝර්:- ඝන ද්‍රව්‍යයක්‌ වශයෙන් මේසය යනු පෙනීමක්‌ යෑයි විද්‍යාව ඔප්පු කොට තියෙනවා. එනිසා මිනිසාගේ මනස ශූන්‍ය වූ විට මේසය වශයෙන් තේරුම් ගැනීම නොපවතිනවා. ඒ සමග ම මානව මනසට ද අයත්, විද්යුත් බලයන්ගේ වෙන් වූ පරිභ්‍රමණ මධ්‍යස්‌ථාන සමූහය හැරෙන්නට මේසය පිළිබඳ උපරිම භෞතික සත්‍යයක්‌ නැතැ යි යන්න ද බාරගත යුතු යි.

සත්‍යය තේරුම් ගැනීමේදී විශ්වීය මානව මනස සහ තනි තනි පුද්ගලයන් තුළ සීමිත ඒ මනස අතර සදාකාලික ගැටුමක්‌ පවතිනවා. සමගි සන්ධානයේ නිරන්තර ක්‍රියාදාමය අපේ විද්‍යාව තුළත් දර්ශනය තුළත් අපේ ආචාරධර්ම තුළත් ගෙන එමින් පවතිනවා. කවර හේතුවක්‌ තුළ උපරිම වශයෙන් මානවයා සමග සම්බන්ධ නොවූ කවර වූ හෝ සත්‍යයක්‌ පවතී නම් එවිට අප සඳහා එය උපරිම නොපැවැත්මයි.

ද්‍රව්‍යයන්ගේ පිළිවෙළ අනුව මනසක්‌ පවතින්නේ අවකාශය තුළ නොව සංගීතයේ දී ස්‌වරයන්ගේ පිළිවෙළ මෙන් කාලය තුළ පමණක්‌ ය යන්න සිතා ගැනීමට දුෂ්කර දෙයක්‌ නොවෙයි. එබඳු මනසක්‌ සඳහා එහි සත්‍යතා සංකල්පය පයිතගරස්‌ගේ ජ්‍යාමිතියට අර්ථයක්‌ නැති සංගීත සත්‍යතාව සමග නෑකම් දක්‌වනවා. සාහිත්‍යය පිළිබඳ සත්‍යතාවෙන් සීමා රහිත වූ වෙනස්‌කම් ඇති කඩදාසි සත්‍යයක්‌ තියෙනවා. කඩදාසි කා දමන, කාවුන් විසින් අයත් කරගත් එබඳු මනසක්‌ සඳහා සාහිත්‍යය යනු සහමුලින්ම නොපවත්නා දෙයක්‌. එහෙත් මිනිසාගේ මනස සම්බන්ධයෙන් කඩදාසියට වඩා සත්‍යය පිළිබඳ මහත් අගයක්‌ සාහිත්‍යයට තියෙනවා. ඒ ආකාරයෙන්ම ඉන්ද්‍රිය මූලික නොවන හෝ මානව මනසට තර්කාන්විත සම්බන්ධයක්‌ ඇති යම් සත්‍යයක්‌ ඇත්නම් එය මිනිසුන් පවත්නා තාක්‌ කල් පවතීවි.

අයින්ස්‌ටයින්:- එවිට මා ඔබට වඩා ආගමික යි.

තාගෝර:- මගේ ආගම මගේ ම පෞද්ගලික සත්ත්වයා තුළ පවත්නා විශ්වීය මානව සාරය වූ සුපිරි පෞද්ගලික මිනිසා පිළිබඳ සමගි සන්ධානය යි. මෙය නිසාගේ ආගම (The Religion of man) යනුවෙන් මා නම් කර ඇති, මගේ හිබර්ට්‌ (Hibbert) දේශනවල විෂය වී තියෙනවා.

1930 ජූලි 14

රවීන්ද්‍රනාත් තාගෝර්තුමන් විසින් ලියන ලද Note on the Nature of Reality (සත්‍යයේ ස්‌වභාවය පිළිබඳසටහන) https://www.youtube.com/watch?v=7mgWvullKDE නම් ලිපියේ සිංහලානුවාදය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More