ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් නැමැත්තා අනාගතයේදී මේ රටට ලොකු කරදරකාරයකු වන බව තමා මුල සිටම දැන සිටියේ යැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පාස්කු ඉරුදින ප්‍රහාර ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරන සභාව හමුවේ සාක්ෂි දෙමින් අද (4)පැවැසීය.
සහරාන් අත්අඩංගුවට ගැනීමට 2018 දී අධිකරණ වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කළේ ඒ නිසා යැයි කී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා තමා අත්අඩංගුවට පත්වීමෙන් ඒ සියලු සැලසුම් අඩපණ වුණු බවද ප්‍රකාශ කළේය.
තමාගේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට හැකිවුයේ නම් පාස්කු ප්‍රහාරයක් ඇති නොවීමට හෝ අවම වීමට හෝ ඉඩ තිබූ බවද හෙතම පැවැසීය.
අසනීප තත්ත්වයේ පසුවන නාලක සිල්වා මහතා අද විශේෂ කාරක සභාව හමුවට පැමිණියේ රෝද පුටුවක ආධාරයෙනි.
තේරීම් කාරක සභාව ඉදිරියේ ප්‍රථමයෙන් සාක්ෂි දුන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතායි.
තමා අත්අඩංගුවට නොගත්තා නම් ත්‍රස්ත ප්‍රහාර අවමකර ගැනීමට හැකියාව තිබූ බව නාලක ද සිල්වා කියයි
තමා අත්අඩංගුවට නොගත්තා නම් ත්‍රස්ත ප්‍රහාර අවමකර ගැනීමට හැකියාව තිබූ බව නාලක ද සිල්වා කියයි
Gepostet von Ada Derana Sinhala am Dienstag, 4. Juni 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...