දේශීය පුවත්

රතන හිමිගේ සුවදුක් බැලීමට යමින් කාදිනල් හිමිපාණන් වෛරයේ සහ ජාතිවාදයේ ගිනිදැල් අවුලන බවට චෝදනා කරමින් මංගල සමරවීර අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ තබා තිබූ සටහනට පාර්ශ්ව රැසකින් විරෝධය එල්ල විය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය කාලයේ පූජ්‍ය පක්ෂය සහ ආගම් සම්බන්ධයෙන් කළ ප්‍රකාශ ඉමහත් ආන්දෝලනයට තුඩු දුන්නේය.

වරක් ට්විටර් සටහනක් තබමින් ඔහු කියා සිටියේ කාදිනල් හිමිපාණන් දේවල් වැරදි ලෙස විග්‍රහකරමින් ජනතාවාදී අයකුවීමට උත්සාහ කරමින් සිටින බවයි.

පසුව ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට ඔහු කළ ප්‍රකාශයද දැඩි කතාබහට ලක්විය.

එවන් පසුබිමක මංගල සමරවීර අමාත්‍යවරයා ඊයේ යළි ආන්දෝලනාත්මක ට්විටර් සටහනක් තබා තිබුණි.

එහි දැක්වුණේ උපවාසයක නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමිගේ සුවදුක් බැලීමට යමින් කාදිනල් හිමිපාණන් වෛරයේ සහ ජාතිවාදයේ ගිනිදැල් අවුලන බවයි.

මේ අතර කාදිනල් හිමිපාණන් රතන හිමියන් බැහැදැකීමට යෑම මංගල සමරවීර අමාත්‍යවරයා ට්විටර් පණිවිඩය මගින් ඉතා ද්වේෂ සහගත ලෙස හා තත්ත්වය විකෘති කරමින් අර්ථකථනය කර තිබිම පිළිකුලෙන් හෙළා දකින බව පාම විමල් වීරවංශ මහතා පවසයි.

අද (04) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු සභානායක කිරිඇල්ල වෙත ප්‍රශ්නයක් යොමුකරමින් කියා සිටියේ කාදිනල් හිමිපාණන් පිළිබද මංගල සමරවීරගේ ප්‍රකාශය ආණ්ඩුවේ මතය වන බවද යන්නයි.

මෙම ප්‍රශ්නයට පිළිතුරු දීම දිගින් දිටම  මගහරිමින් සභාව ඇමතූ  කිරිඇල්ල ඇමතිවරයාගේ හැසිරීම පිළිබදවද විමල් වීරවංශ මන්ත්‍රීවරයා දිගින් දිගටම චොදනා කළ අතර විපක්ෂ යේ මන්ත්‍රීවරුන්ගේද දැඩි විවේචනයට ලක්විය.

.

"කාදිනල්තුමන්ට අපහාස කිරීම : මංගල පැවසුවේ ආණ්ඩුවේ මතය ද?"- විමල්ගේ පැනයට කිරිඇල්ලගෙන් 'මල්ලේ පොල්' උත්තරයක්.2019-06-04

Gepostet von Wimal weerawansa am Dienstag, 4. Juni 2019

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More