දේශීය පුවත්

ඇමැති ධූරවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් ගන්නා බව කී මුස්ලිම් නියෝජිතයන් අද  (4) දිනයේත් අසුන් ගත්තේ ඔවුන් පෙර සිටි අසුන්වලමය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ද පාර්ලිමේන්තුවට පැමිණ ඔහුට හිමිව තිබූ ඉදිරි පෙළ අසුනෙහි අසුන් ගත්තේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ රිෂාඩ් බදියුදීන් මහතා පක්ෂ නායකයකු නිසා එම අසුනේ සිටිය හැකි බවයි.

එසේ වුවත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයකු  පවසා ඇත්තේ මුස්ලිම් නියෝජිතයින් ඇමැතිධූරවලින් ඉල්ලා අස්වී ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙතෙක් නිල දැනුම්දීමක් කර නොමැති බවත් එසේ දැනුම් දුන් පසු ආසන වෙනස් කරන බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More