ඉන්දියාවේ හින්දු ජාතිකවාදීන්ගේ විරෝධයට හේතුවක් වුණු පද්මාවත් බොලිවුඩ් චිත්‍රපටය මුස්ලිම් රාජ්‍යයක් වන මැලේසියාවේ තහනම්කර ඇතැයි විදෙස් පුවත් සේවා කියයි.
ඉන්දියාවේ හින්දු ජාතිකවාදීන් චිත්‍රපටයට විරෝධය දක්වා ඇත්තේ චිත්‍රපටයේ පද්මාවතී කුමරිය සහ ඇය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පැමිණෙන මුස්ලිම් ආක්‍රමණිකයා ස්ල්තාන් කිල්ජි අතරේ ආදර සම්බන්ධයක් පෙන්නුම් කරන විදියේ දසුන් සහ ගීතයක් තිබීම නිසාය.
පසුගිය 25 වන දා සිට චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන්නේ එම දසුන් ඉන්දිය රැඟුම් පාලක මණ්ඩලය විසින් ඉවත් කර සංශෝධනයට ලක් කිරීමෙන් පසුවය. පද්මාවතී යනුවෙන් නම් කර තිබුණු එම චිත්‍රපටය පද්මාවත් යනුවෙන් ද වෙනස් කෙරුණි. එසේ වුවත් චිත්‍රපටයට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
ප්‍රදර්ශනය තහනම් කරමින් මැලේසියානු රජය පවසා ඇත්තේ තම රටේ වෙසෙන ඉන්දිය ජාතකයන් ගැන සළකා බලා ඔවුන් මෙම තීරණය ගත් බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...