පුරවැසි කොලම

කැකිල්ලේ තීන්දුව ඔස්සේ මුස්ලිම් ඇමතිවරු රටට දෙන පණිවිඩය කුමක්ද?

එක් අන්තවාදී ඇමතිවරයෙකුට එරෙහිව රට පුරා මතුවූ විරෝධයට ප්‍රතිචාර දක්වමින් සියලු මුස්ලිම් ඇමැතිවරැන් ඉල්ලා අස්වීමට ගත් නාටකීය තීරණය ඔස්සේ ඔවුන් අපට ලබාදෙන පණිවිඩ කීපයක් තිබේ. ඒ මොනවාද?

ත්‍රස්තවාදී වුවද අන්තවාදී වුවද වෙන කුමන වැරැද්දක් කළද ජාතිය මුස්ලිම් නම් තමන් ත්‍රස්තවාදීන් සමග වුවද එකට සිටගන්නා බව පෙන්වීම.

රට පුරා බෞද්ධ, කිතුනු, හින්දු, ආදී සියලු ජනතාවගෙන් අන්තවාදීන්ට එරෙහිව නැගුණු විරෝධය සමස්ත මුස්ලිම් ජනයාට එරෙහි විරෝධයක් හිංසනයක් ලෙස හුවා දැක්වීම.

අන්තවාදීන් හා මුස්ලිම් සමාජය එකිනෙකින් වෙන් කිරීම වෙනුවට මුස්ලිම් ඇමැතිවරු, මුස්ලිම් ජනතාව, හා අන්තවාදීන් යන සියල්ලෝ එක කදවුරක් බව පෙන්වා දීම.

වහාබ් අන්තවාදීන් හා ඊට එරෙහි සිංහල, දෙමළ, මුස්ලිම් පොදු ජනයා යන බෙදීම වෙනුවට සිංහල මුස්ලිම් ලෙස සමාජය බෙදා වෙන් කිරීමේ ‍සමාජ බෙදුම්වාදයට දායකත්වය සැපයීම.

අන්තවාදයෙන් බැටකන අන්තවාදයට එරෙහි මුස්ලිම් ජනයා පවා නින්දිත ලෙස පාවා දෙමින් පොදු මුසල්මානුවා සහ අන්තවාදියා එක කදවුරකට ගාල් කිරීම

පොදු මුස්ලිම් සමාජය ත්‍රස්තවාදයට එරෙහි බව තවදුරටක් විශ්වාස කරන සියලු දෙනාගේ සැබෑ සංහිදියාව තුච්ඡ ලෙස හෑල්ලුවට ලක් කිරීම.

පසුගිය දිනවල තොග පිටින් හමුවන අවි ආයුධ කඩු කිනිසි ගැන තක්කඩි කතා කියමින් රට ගිනි තැබුවේද මේ වගකීම් විරහිත ඇමතිවරැමය. එහිදී මධ්‍යස්ථ හැසිරීමක් පෙන්නුම් කළ කබීර් හෂීම් වැනි ඇමතිවරැන් පවා අද රිෂාඩ් – අසාද් කල්ලිය හා එක්ව සිටීම කනගාටුදායක තත්ත්වයකි. පසුගිය දිනවල කබීර් හෂීම්ගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ මුස්ලිම් තරුණයෙක් වහාබ්වාදීන්ගේ වෙඩි පහරට ලක්විය. ඒ මාවනැල්ලේ බුදුපිළිම කැඩූ ත්‍රස්තවාදීන්ට එරෙහිව කටයුතු කිරීම නිසාය. වෙඩි පහරින් බරපතළ තුවාල ලැබුවද තවම ඒ තරුණයා ජීවත්ව සිටී. අද ඒ තරුණයාට වහාබ්වාදීන් සමග එකට සිටගත් තම ස්වාමියා ගැන කුමක් සිතෙනු ඇතිද?

මේ පිරිස ගෙන ඇත්තේ රටේ සැබෑ සංහිදියාවට අතිශය හානිදායක තීන්දුවකි. ජාතිවාදයට එරෙහිව කතා කිරීම ජාතිවාදය ලෙස අර්ථදක්වන ලංකාවේ විකල්ප හොරිකඩයන් පමණක් මේ තීන්දුවෙන් මහත් අමන්දානන්දයට පත්ව, ඇද්ද තොපිටැයි සිංහල ‍අපෙන් අසමින් මුස්ලිම් ඇමතිලාගේ යහපත ගැන ගුණ ගායනා කරති.

කෙසේ හෝ වේවා මුස්ලිම් ඇමැතිවරු ප්‍රශ්න විසදා ගන්නට එන්නේ මේ ක්‍රමයෙන් නම් ඔවුන්ට නිසි පිළිතුරු දීමට සිංහලයාද සූදානම් විය යුතුය.

එය කළ හැක්කේ ප්‍රචණ්ඩත්වයෙන්, ජාතිවාදයෙන් නොව සිංහලයාගේ සමගිය තුළිනි.

කියන තරමේ ඉලව් බලයක් ලංකාවේ මුස්ලිම් ඡන්දවලට නැති අතර, මෙය අන්තවාදීන්ගේ ශක්තිය ‍හෝ සමගිය ගැන ප්‍රශ්නයක් නොව සිංහලයාගේ අසමගිය හා තකතීරුකම පිළිබද ප්‍රශ්නයකි.

සිංහලයා පක්ෂ පාටවලට නොබෙදී සමගි වේ නම් නරේන්ද්‍ර මෝඩිටත් වඩා පහසුවෙන් අන්තවාදීන්ගෙන් තොර ආණ්ඩුවක් තැනීම අපට පහසුවෙන් කළ හැක්කකි.

ඉදිරියේදී ඒ සදහා පෙළ ගැසීමට මේ සියලු ව්‍යාසනයන් ආශිර්වාදයක් කර ගත හැකි නම් අනාගතයේදී සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ යහපැවැත්ම ගැන කිසිවෙකුට බිය වීමට සිදු නොවේ.

ඉසුරු ප්‍රසංග



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More