දේශීය පුවත්

රේගු නීති උල්ලංඝනය කරමින් ළග තබාගෙන සිටි අධි සුඛෝපභෝගී මෝටර් රථයක් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ රථ ගාලයේ තිබී පොලීසිය පසුගියදා සොයාගත්තේය.

එහිදී හිටපු ආණ්ඩුකාරවරයාට අයත් ලිපි ලේඛන රැසක් ද මෝටර් රථයේ තිබී සොයා ගැණුනු බව පොලීසිය පවසයි.

අධි සුඛෝපබෝගී බෙන්ස් රථයක් කාර් නෙට් බලපත්‍රය යටතේ මෙරටට ගෙන්වා ඇති අතර එම බලපත්‍ර කොන්දේසියට අනුව අනුමත වසර දෙකක කාලය ගත වූ පසු එම රථය ගෙන් වූ රටට ප්‍රතිඅපනයනය කළ යුතු වේ.

එසේ නොවන්නේ නම් රජයට බදු ගෙවමින් එය තබාගත වුව යුතු ද මෙම බෙන්ස් රථය එම රේගු නීති උල්ලංඝණය කරමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ රථ ගාලයේ තිබී පොලීසිය ඊයේ (03) සොයා ගත්තේය.

මෙම රථයේ අයිතිකරු මහනුවරදී පොලීසිය විසින් සොයාගත් අතර ඔහු කාත්තන්කුඩියේ පදිංචිව සිට පසුව එංගලන්තයට ගොස් පැමිණෙන අවස්ථාවේදී කාර් නෙට් බලපත්‍රයක් මඟින් මෝටර් රථය ගෙන්වා ඇති බව තහවුරු කරගෙන ඇත.

අසාද් සාලි ආණ්ඩුකාර ධූරයට දරමින් සිටියදී මෙම මෝටර් රථය පොලිස් භාරයට ගැනීමට කොළඹ 07 මල්පාරේ පිහිටි ඔහුගේ අධි සුඛෝපබෝගී මහල් නිවාස සංකීර්ණයක අයත් රථ ගාලට ගිය අවස්ථාවේදී අදාළ මෝටර් රථයේ හිමිකරුට දුරකථන ඇමතුමක් ආණ්ඩුකාරවරයාගෙන් ලැබුණි.

එහිදී ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම පරිදි මෝටර් රථයේ හිමිකරු දුරකථනය පොලිස් නිලධාරියාට ලබාදී තිබුණි.

අසාද් සාලි මහතා තමන් මෙම මෝටර් රථය පරිහරනය නොකළ බව පැවසුව ද මෝටර් රථය පොලිස් භාරයට ගැනීමෙන් පසුව සිදුකළ පරික්ෂා කිරීමේදී ආණ්ඩුකාරවරයාට අයත් ලිපි ලේඛන රැසක් එහි තිබී සොයා ගැනුනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More