විදේශ පුවත්

තෙදින නිල සංචාරයකට සහභාගී වීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් , බ්‍රිතාන්‍යයට පැමිණීමට නියමිත වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය අද පෙරවරුවේ ලන්ඩන් නුවර ස්ටෑන්ස්ටඩ් ගුවන්තොටුපළට ළඟාවීමට නියමිත බවයි.

අද සවස බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින විසින් ජනපති ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් ආර්යාව වෙත භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ද නියමිතව ඇත.

මෙයට විලියම් කුමරු සහ කේට් කුමරිය සහභාගී වන නමුත් ආචි කුමරු උපත ලබා තවම මසක කාලයක් වත් ගතව නැති බැවින් හැරී කුමරු සහ මේගන් කුමරිය ඊට සහභාගී වන්නේ නොවනු ඇති.

මෙහිදී දෙවන එලිසබෙත් රැජිණ සහ අමෙරිකානු ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ දිවිගෙවන ප්‍රමුඛ පෙළේ අමෙරිකානුවන් ඇමතීමට ද නියමිත ය.

අද දින අමෙරිකානු ජනාධිපතිවරයා වෙස්ට්මිනිස්ටර් ඇබේහි සංචාරයක නිරතවීමෙන් පසු චාර්ල්ස් කුමරු සහ කෝර්න්වෙල් ආදිපාදවරිය මුණගැසීමට ද නියමිත වේ.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරයට එරෙහිව , ලන්ඩන් , මැන්චෙස්ටර් , බෙල්ෆාස්ට් , බර්මිංහැම් සහ නොටිංහැම් ආදී නගර රැසක ජනතාව විරෝධතා සංවිධානය කර ඇති බවයි .

බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස කොන්සර්වටිව් පක්ෂ නායක බෝරිස් ජොන්සන් වෙත සහය දෙන බව අමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර පවසා තිබිණ.

ජනාධිපති ට්‍රම්ප් සිය බ්‍රිතාන්‍ය සංචාරය තුළදී බ්‍රිතාන්‍යයේ අමෙරිකානු තානාපතිවරයාට වෙන්කර ඇති වින්ෆීල්ඩ් නිවසේ නතරවනු ඇති .

හෙට පෙරවරුවේ ජනපති ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ , ව්‍යාපාරිකයන්ගේ හමුවක් පැවැත්වීමට නියමිත අතර ඊට ව්‍යාපාරික නායකයන් කිහිපදෙනෙකු සහභාගී වන බව සඳහන් ය.

සිය බ්‍රිතාන්‍ය සංචාරයෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා අයර්ලන්ත ජනාධිපති ලියෝ වරඩ්කාර් හමුවීමට අයර්ලන්තයේ ෂැනන් බලා යාමට නියමිතයි .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More