දේශීය පුවත්

කල්දමා ඇති පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලැබෙන්නේ නම් කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ හැකි බව ජාතික මැතිවරණ කොමිසම ඊයේ (03) අභියාචනාධිකරණය වෙත දැනුම් දුන්නේය. එහිදී සීමා නිර්ණ කටයුතු හෝ නව මැතිවරණ ක්‍රමය හෝ නොසලකා මැතිවරණය පැවැත්වීමට හැකි බව
දැනුම් දී තිබේ.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණය ඉදිරියේ ගොනුකර තිබූ පෙත්සම් දෙකක් විභාගයට ගත් අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ උදිත ඉහළ හේවා මහතා මේ බව ප්‍රකාශ කළේය.

උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මහතා සහ සබරගමුව පළාත් හිටපු මහ ඇමති මහීපාල හේරත් මහතා මෙම පෙත්සම් දෙක ගොනුකර තිබිණි.

ඔවුන් සිය පෙත්සම්වලින් ඉල්ලා සිටියේ දිගින් දිගටම කල්දමා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසයි.

අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන් ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් අද කැඳවා තිබිණි. ඉදිරිපත් වූ කරුණු සලකා බලා ලබන අගෝස්තු 02 වැනිදා පෙත්සම් විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල නියම කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More