දේශීය පුවත්

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු රට තුළ ඇතිව තිබෙන අවිනිශ්චිත වාතාරවණය තුළ ඇතිවෙමින් පවතින සිද්ධිදායම අතරතුර රටේ ජාතික සම්පත් විජාතිකකරණය කිරීමේ වැඩපිළිවෙල ඉතා යහමින් ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වේ. මේ වන විට කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හා ජපානයට කොටස්කර ලබා දීම පිළිබදව කතා බහක් ඇතිව තිබෙන අතර, මේ ඒ පිළිබදව සිරස රූපවාහිනිය ගෙන ආ වාර්තාවකි.

දේශපාලනඥයින්ගේ ඇතැම් තීරණ නිසා රටට අහිමිවන රටේ සම්පත්…

දේශපාලනඥයින්ගේ ඇතැම් තීරණ නිසා රටට අහිමිවන රටේ සම්පත්… #lka #News1st

Gepostet von Newsfirst.lk am Sonntag, 2. Juni 2019

කෙළඹ වරායේ නැගෙනහිර පර්යනතය මේ දිනවල රට තුළ ආන්දොලනයක් මතු කළ මාතෘකාවකි. ඒ අපට සංවර්ධනය කිරිමේ හැකියාව තිබියදී, ඉන්දියාව, ජපානය හා සමග එක්ව නැගෙනහිර පර්යන්තය සංවර්ධනයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවබෝධතා ගිවිසුමකට එළඹ ඇති බැවිනි.

එබදු ගිවිසුමකට එළඹිම හුදකලා සිද්ධියක් ලෙස නොව රටේ ජාතික ආර්ථිකයට බලපාන කාරණවක් ලෙස සැළකිය යුතුයි.

ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යක් වුව ද , ලෝක භූ දේශපාලනයේදී උපාය මාර්ගික වාශයෙන් වැදගත් වන රටකි.

රට සතු ස්වභාවික සම්පත් සේම රටේ පිහිටීම ද , අවශේෂ ලෝකයා විසින් ප්‍රයෝජනයට ගත්තේ ඈත අතිතයේ සිටයි .

එහිදී රට තුළ අභ්‍යන්තර අර්බුද නිර්මණය කර තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට , විදේශිකයින් වගබලා ගත්තේ ය.

එම තත්ත්වයන් රහසක් නොවන බැවින් , රට අභ්‍යන්තරයේ කවර දේශපාලනික බල අරගලයන් පරස් පරයන් තිබුණද , රට සතු සම්පත් විදේශිකයන්ට අවැසි පරිදි පරිහරණය කර වැඩි ප්‍රතිලාභ අත්කර ගත හැකි තත්ත්වයන්ට පාර නොකැපීම රට කරවන්න්ගේද , රට කරවීමට අපේක්ෂා කරන්නන්ගේද වගකීමයි .

ජාතික ආර්ථිකයේ හදවත බදු කොළඹ වරාය පිළිබද අප ඊයේ වාර්තා කළේ, එහි තවත් වැදගත් මරමස්ථානයක් විදේශිකයින්ට වැඩි වාසි අත්වන පරිදි , පැවරීමට පියවර ගෙන ඇති පසුබිමකයි.

කොළඹ වරයේ ප්‍රධාන පර්යන්ත තුන අතරින් සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරන, එස් ඒ ජී ටී හෙවත් දකුණු ආසියානු ගේට්වේ පර්යන්තය පිළබදව අප ඊයේ ඔබට කරුණු වාර්තා කළේ ය.

එහි හිමිකාරීත්වය 85%ක් පෞද්ගලීක අංශයටත් 15% ක් රාජ්‍ය අංශයටත් හිමිවන අයුරින් බෙදී ගොස් තිබේ.

එසේ පෞද්ලිකකරණයට ලක්ව ඇති 85%ක හිමිකාරීත්වයෙන් වැඩි කොටසක් මෙරට පෞද්ගලික ආයතනයකට හිමිව තිබීමද විශේෂත්වයකි.

2013 ආරම්භ වන කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය අඩි 20හි බහාලුම් මිලියන 03 ක් හැසිරවීමේ පහසුකම්වලින් සමන්විතවිය.

මෙහි ඉදිකිරිම් ආරම්භ වන්නේ,පෞද්ගලික අංශය , චීනය සහ ශ්‍රී ලංකා වරාය අධීකාරීය යටතේ ක්‍රියාත්මක වන ව්‍යෘපෘතියක් ලෙසයි..

ඒ සදහා පළමු ඇස්තමේන්තු ගත මුදල ඇමරිකන් ඩොලර් මිලියන 400කි.

නමුත් එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 500 දක්වා ඉහළ යාමත් සමග, අදාළ පාර්ශව තුනෙන් පුද්ගලික අංශය ඉවත් වේ.

ඒ අනූව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චීනය අතර සහයෝගිතා ගිවිසුමක් ආකාරයෙන් මෙම පර්යන්තය ඉදි කෙරිණ.

ඒ අනූව මෙහි ළාභ බෙදාගැනීම හා හිමිකාරීත්වය85% චීනයට හිමිවන අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන්නේ 15%ක කොටස් හිමිකාරිත්වයක් පමණි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%ක පමණක් කොටස් හිමි කොළඹ වරායේ මෙම පර්යන්තය, දකුණු ආසියාවේ දැනට පවතින එකම ගැඹුරු පර්යන්තය වීම කාගෙත් අවධානය යොමු විය යුත්තකි.

මීටර් 1200ක දිගකින් යුතු මෙම පර්යන්තයේ පළමු වසර තුළ පමණක් කන්ටේනර් මිලියන 2.4ක ධාරිතාවක මෙහෙයුම් සිදුකර ඇතැයි වරාය අධිකාරියේ දත්ත වල සඳහන් ය.

මේ වනවිට කොළඹ වරායේ වැඩි වශයෙන් මෙහෙයුම් සිදුකරන මෙම පර්යන්තයේ අයිතිය ඒ ආකාර වෙද්දී, ඊට යාබදින් පිහිටි වරාය නගරය ඉදිකරන්නේ චීනයේ මැදිහත්වීමෙනි.

එවන් තත්ත්වයක් තුළ ප්‍රශ්ණගත නැගෙනහිර පර්යන්තයද තවත් රටවල් දෙකක් සමග එක්ව මෙහෙයවීමට මේ වනවිට වත්මන් රජය සැලසුම් සකස් කර තිබේ. .

ඒ සියයට 51ක කොටස් ශ්‍රී ලංකාවටත්, සියයට 49ක කොටස් ඉන්දියාවට හා ජපානයට හිමිවන අයුරිනි.

ඒත් සමග, මෙරට ප්‍රධානතම ආර්ථික මර්මස්ථානයක් වන කොළඹ වරායේ බහාලුම් කටයුතු සිදු කෙරෙන පර්යන්ත තුනේ හා යෝජිත නැගෙනහිර පර්යන්තයේ කටයුතු වලින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවී ඇත්තේ 45%ක කොටස් පමණි.



One thought on “පාස්කු බෝම්බ ජරමර අස්සේ ජාතික ආර්ථිකයේ හදවත කපා කෑල්ලක් ඉන්දියාවට, ජපානෙට දෙන්න පිඹුරුපත් සකසයි…”

  1. රටට අහිතකර අනර්ථකාරී ගිවිසුම් කීයක් මේ ඉදිරි මාස කීපය තුලදී අත්සන් කරනු ඇති දැයි නොකිව හැක. රට තුල යම්කිසි ආන්දෝලනාත්මක සිදුවීමක් සිදුවෙමින් තිබියදී (උදා: ලෙස රතන හිමි උපවාසය) ඒවා සිදුකිරීමට නියමිතව ඇති බව පෙනෙන හෙයින් පාර්ලිමේන්තුව තුල සිදුවන දෑ පිලිබදව උකුසු ඇස් මෙහෙයවා සිටින අය අත්‍යවශ්‍ය වී ඇත.

    1) ප්‍රති ත්‍රස්ත පණත
    අගමැති දිගින් දිගටම සමුර්දි ලාභීන්ගේ උත්සව වලදී “ජාත්‍යන්තර” ත්‍රස්තවාදය පැරදවීමට අලුත් නීති අවශ්‍ය බව කියමින් යයි. එයට ආගමික නායකයන් කොපමණ විරුද්ද වුනද ඔහු තමන්ට ඇමරිකාවෙන් දී ඇති “කොන්ත්‍රාත්තුව” ඉටු කිරීමට සුදානමින් සිටී. මේ ගැන ඇමරිකන් තානාපතිනිය මහානායක හිමි කෙනෙකුන්ද හමුවීමට ගිය අයුරු දැකගන්නට ලැබුණි. එක අතකින් බලනවිට අප්‍රියෙල් 21 “ජාත්‍යන්තර” ත්‍රස්තවාදයක් බව කීමේ වරදක්ද නැත. ඒ එම සිදුවීම පිටුපස පැහැදිලිවම බටහිර (සහ ඉන්දීය) “අදිසි” හස්ත දිගුවක් ඇතිබව 2015 සිදුවූ regime change සහ ඉන්පසු ඇමරිකාව සහ ඉන්දියාව ලංකාව තුල සිදුකල භූමිකාව තුලින් හොදාකාරව පැහැදිලි වන බැවිනි.
    මෙබදු අනර්ථකාරී ගිවිසුම් ඇති කිරීමට ලංකාවට එළිපිටම මෙතරම් බලපෑම් කල යුගයක් ලංකා ඉතිහාසයේ ඇත්නම් ඒ ජයවර්ධන (යැංකි ඩිකී) ආණ්ඩු සමයේ සිදුකල ඉන්දු-ලංකා ගිවිසුම වන්නට ඇත.
    මේ අතර චම්පික රණවක අමාත්‍යතුමා සුපුරුදු පරිදි අගමැතිගේ “කොන්ත්‍රාත්තු” ඉටුකිරීමට මගබැස ඇත. ඒ සදහා ඔහු ( ?ගල්කිස්සේ ) විහාරයකට ගොස් 2020 ජනවාරි 8 ට පළමුව (? “සියල්ල ආවරණය වන පරිදි”) නීති කෙටුම්පතක් සම්මත කලයුතු බවට මොන මොනවදෝ කීවේය.

    අපේ අදහස නම් ගැලවී යන්නට ඔන්න මෙන්න තියන, ජනතා විශ්වාසයක් නොමැති ආණ්ඩුවක් ගෙනෙන කිසිම අණ පනතක් රටේ යහපත උදෙසා බව මහජනයා පිළිනොගන්නා බවයි. එනිසා විශේෂයෙන් විදෙස් ගිවිසුම් අත්සන් කිරීම ආණ්ඩුව වහා නතර කල යුතුය.

    2) කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හා ජපානයට කොටස්කර ලබා දීම පිළිබදව “මුලික” ගිවිසුම
    මේ ගිවිසුමට විරුද්දව ආගමික නායකයින් සහ ජනයා පෙළගැස්වීම කඩිනමින් කලයුතුය. එය පරාද කිරීම පමණක් නොව තවත් කුමන හෝ විදෙස් ගිවිසුම් අත්සන් කිරීමෙන් ආණ්ඩුව වැළැක්විය යුතුය. ජනාධිපතිට මේ ගැන බලපෑම් කිරීම උපරිම ලෙස කල යුතුය.

    දයාසිරි ජයසේකර, සිරිසේන ජනාධිපතිතුමා නැවත පොදු අපේක්ෂකයකු ලෙස පැමිණිය යුතු බව කියයි. මහජනයා ජනපතිගෙන් අරක මේක කරදෙන්න යයි ඉල්වන්නේ එසේ කිරීමට බලය ඇති කෙනා ඔහු බැවින් සහ අගමැතිට කීමෙන් කිසිම වැඩක් නොවන බව දන්නා නිසා මිස ඔහු ගැන ඇති විශ්වාසයෙන් නොවන බව දයාසිරි තේරුම් නොගත්තා වන්නට ඇත. කොන්දේසි ඉදිරිපත් කරන්නට තරම් ශ්‍රී නි ප ය බලවත් නොමැති බව මන්ත්‍රී දුමින්ද රතන හිමි බැලීමට ගොස් ලබාගත් ජනතා “පිළිගැනීමෙන්” පෙනී යයි.

    ජනාධිපති සිරිසේනට කරන්නට එක් දෙයක් ඉතිරි වී තිබේ. එනම් “නම්බු පිටින්” ජනාධිපති පුටුවෙන් බැස යාමට කටයුතු කිරීමයි.
    ඒ සදහා ඔහු
    -ඉන්දියානු/ඇමරිකානු ගිවිසුම් අත්සන් නොකළ යුතුය.
    – බදුදීන්ලා ඉවත් කල යුතුය.
    -සිරේ සිටින බුද්දි නිලදරුවන් නිදහස් කල යුතුය.
    -දැනට සිටින මැකෝ ඉවත් කර සාධාරණ චන්දයක් සදහා ඉඩ සැලසිය යුතුය.
    පසුගිය මැතිවරණයකදී මොහු (මැකෝ ) ක්‍රියාකළ ආකාරය ඉතා පක්ෂග්‍රහී බව පෙනෙන්නට තිබුණි. ඔහු චන්ද ගණන් කිරීමට ඒ සදහා පෙර පළපුරුදුකම් ඇතිව සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ කණ්ඩායම නොයොදවා ඒ සදහා පෙරහුරුකම් නොමැති (?ජපුර) විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය යොදවා ගත් අතර විශ්වාස කල නොහැකි “අත් වැරදීම්” එහිදී සිදුවුණි. අපට මතක හැටියට විදුලිය ඇන හිටීමෙන් ප්‍රධාන පරිගණකය (server) අක්‍රිය වීම (?and subsequent data loss) එවැන්නකි. මෙවැනි බාරදුර කාර්යකදී UPS (Uninterrupted Power Service) විසදුමක් ගැන නොසිතන පරිගණක අංශයක් ඇතැයි අපට විස්වාස කල නොහැක. ලංකාවේ සාමාන්‍ය පවුද්ගලික ආයතනවල පවා ඒවා භාවිතයට ගැනුනේ අද ඊයේ නොවේ. එසේම විදුලිය ඇන හිටීයාද ඇන හිටටෙව්වාද යන්නත් ප්‍රශ්නයකි. මේ අතරම (?මැකෝ හෝ වෙනත් පුද්ගලයකු) එම චන්ද process කල පරිගණකය තිබු කාමරයට ඇතුළුවනු දුටු අයකු සහ එය ජංගම දුරකථනයක සටහන් වන දර්ශනයක්ද ඇතිබව වාර්තා වුන නමුදු සුපුරුදු පරිදිම මේ සියල්ල යටපත් විය.

    මේ කරුණු කරනා වත් ඉටුනොකළහොත් ජනාධිපතිතුමාට චන්ද කෙසේ වෙතත් දුමින්දට ලැබුන ප්‍රතිචාරයම ලබා ගැනීමට හැකිවෙනු ඇත.

    ඒ අතරම දැනට මේ ආණ්ඩුව අත්සන් කර ඇති අහිතකර සහ අපට අවාසි සහගත ගිවිසුම් අවලංගු කිරීමට හෝ ප්‍රති ව්‍යුහගත කිරීමට හෝ ඉඩකඩ ඇත්දැයි නීති විශාරදයන් සහ අනෙකුත් උගතුන් සලකා බැලිය යුතුය. අවම වශයෙන් ඒ සදහා, “පවතින ආණ්ඩුව විදේශික බලපෑම් මත බලයට පැමිණි ආණ්ඩුවක්ය එනිසා එම ආණ්ඩුව අත්සන් කල විදෙස් ගිවිසුම් වලංගු නැත ” යන පදනම පාවිච්චි කල හැකිදැයි
    සොයා බැලීමත් වටිනු ඇත. අගමැති තමා ඇමරිකාවේ MIT සිට 2015 චන්දය සැලසුම් කලබව කීවා අපට මතකය. එහි “නීතිමය වරදක්” නොමැති වුවත්, ඔහු බලයට පැමිනි පසු ගිවිසගත් ඇමරිකානු හමුදා සදහා වන ගිවිසුම් (?2 ) සහ මිලේනියම් චැලේන්ජ් ව්‍යාපෘතිය හරහා සිදුකරන්නට නියමිත වැඩපිළිවෙළ අනුව (මිලේනියම් චැලේන්ජ් ශාඛාවක් අගමැති කාර්යාලයේ පිහිටුවා ඇති බව ඊට අදාල letter head එකක් මගින් ඔප්පු වී ඇති බවද නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි ) මේ ප්‍රකාශය පෙළගැස්වූ විට ඔහු ඇමරිකානු “බළල් අතක්” බව යහමින් ඔප්පු වෙයි.
    තවද 2015 මැතිවරණයේදී, රුපියල් 1000 බැගින් එක පුද්ගලයකුට දී ඔවුන්ට උපදෙස් ලබාදී ඇත්තේ බස් රථ වලට ගොඩවී මගීන් ළග අසුන් ගනිමින් මැතිවරණයට වැඩකරන පුද්ගලයකු ලෙස නොව සාමාන්‍ය පුද්ගලයකු ලෙස පෙනී සිටිමින් 2015 පෙර ආණ්ඩුවේ නායකයන් ගැන එම මගීන්ට කලකිරෙන ලෙස කතා කිරීමට බවට රාවයක්ද අසන්නට ලැබුණි. මෙවැනිම “මඩ” ව්‍යාපාරයක යෙදීමට විශ්ව විද්‍යාල තුල මෙන්ම අන්තර්ජාලයේද පුද්ගලයින් යොදා සිටින්නට ඇති බව පෙනෙන්නට තිබුණි. මේ සිදුවීම් කිහිපයක් හෝ සාක්ෂි සහිතව එළිකර ගන්නට හැකිනම් 2015 මැතිවරණ ප්‍රථිපලය ප්‍රජාතාන්ත්‍රික නොවන බවට ඔප්පු කලහැක.
    එසේම සිරිසේන ජනාධිපතිද තමන් 2015 මැතිවරණයට කලින් ඒ ගැන ඉන්දියානු තානාපති කාර්යාලය තුල සිට සාකච්චා කල බවට මැතිවරණයට පසු උදම් ඇනු බවත් ඔහුගේ පුත්‍රයා විශාල මුදලක් (?ඩොලර් නෝට්ටු) තම නෑදෑයකුගේ ගෙදර සැගවීමට ගෙනා බව හෙළිවූ ආකාරයත් අපට මතක ඇත.

    මීටත් වඩා ප්‍රබල සාක්ෂිය නම් දයාසිරි ජයසේකර (?ඊයේ ) කල ප්‍රකාශයයි. ඔහු කීවේ ඇමරිකානු “කුමන්ත්‍රණය ඉව වැටුන පසු” ජනාධිපතිතුමා අගමැතිතුමා සමග එක්ව කටයුතු කිරීම නැවැත්වීමට තීරණය කර මහින්ද අගමැති කල බවයි.
    ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවේ ආදාරයෙන් මැතිවරණය දිනු බැවින් (එවැනි චෝදනාවකට පදනමක් ඇති බවක් නොපෙනේ ) ඔහුට විරුද්දව දෝෂාභියෝගයක් (impeachment) ගෙන ආ යුතු යයි ඇමරිකානු විපක්ෂය කියයි නම්, මෙසේ ඉන්දියානු-ඇමරිකානු තානාපති කාර්යාල තුල කුමන්ත්‍රණ කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර ගෙනගිය අයවලුන්ගේ ආණ්ඩුවකට නීතිමය පදනමක් තිබිය නොහැක. එනිසාම එවැනි ආණ්ඩුවක් මෙකියන රටවල් සමගින් අත්සන් තැබූ ගිවිසුම්ද නීත්‍යනුකුල නොවන බව අපගේ විශ්වාසයයි.

    කෙසේ නමුත් මෙවැනි මගක් ගත නොහැකිනම්, මේ ගිවිසුම් සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල මෑතදී කරනලද අනර්ථකාරී වෙනස්කම් අහෝසි කිරීමටද ඒ වෙනුවට අනිකුත් රටවල (විශේෂයෙන් ඉන්දියාවේ) ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාද අද්‍යනය කර අපට ගැලපෙන ව්‍යවස්ථා සංශෝධනයකටද ජනතා වරමක් ඉල්විය යුතුය. ජනාධිපතිගේ ව්‍යවස්ථාදායක බලතල නැවත සංස්ථාපිත කිරීමට ජනතා වරමක් ඉල්විම පවතින තත්වය යටතේ අත්‍යවශ්‍ය වනු ඇති අතර ඒ සදහා බහුතර ජනතාව එකහෙලාම එකග වනු නොඅනුමානය. එහෙත් ජනාධිපතිවරණයකට පසු මේ ඉල්වීම කළහොත් අපේ ජනතාවට ඉක්මනින් සියලු දේ අමතක වන බැවින් එය ලබා ගැනීමට අපහසු වනු ඇත. තවද මෙම “ජනාධිපති ව්‍යවස්ථාදායක බලතල” සදහා කරන ඉල්වීම සෑම ජනාධිපතිවරණයකදීම කලයුතු බවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලට ඇතුලත් කරගත හැකිනම් මහජනතාවට ඉදිරිපත් වන අපේක්ෂකයා අනුව මෙම ඉල්වීමට එකගත්වය පළකර හෝ නොකර සිටිය හැකිවනු ඇත.

    එලෙසම ඉදිරි චන්දයකදී, ඉන්දියාව විසින් බලයෙන් අප පිට පැටවූ පළාත් සභා සුදු අලියා අවලංගු කිරීමට ජනතා වරමක් ගත යුතුය. ඒ වෙනුවට, එම කාර්යාල තුල සම්බන්දීකරන නිලධාරීන් අතලොස්සක් යෙදවීමෙන් දුරස්ථ පැතිවල ජනයාට තමන්ගේ රාජකාරීන් ඉටුකරවා ගැනීම සදහා කොළඹටම පැමිණීමේ අවශ්‍යතාවය සෑහෙන දුරට අඩුකරගත හැකිවනු ඇත. පරිගණක සේවා සහ එමගින් දුරස්ථ ලෙස සම්බන්දීකරනය වීමට, තොරතුරු හුවමාරුවට හැකියාව තිබියදී ආණ්ඩුකාරවරුන් මැතිඇමතියන් පත් කරමින් පළාත් සභා නඩත්තුව නිෂ්පල, නාස්තිජනක ක්‍රියාවකි. එම අවලංගු කිරීම තුලින් සමහර පළාත් සභා අපේක්ෂකයින් සුළු ජාතීන් තුල ජාතිවාදය අවුළුවා චන්ද පෙට්ටි තර කර ගැනීමේ ජාවාරමටද වැටකඩොලු බැදෙනු ඇත.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More