දේශීය පුවත්

පාස්කු ඉරිදා සිදු වූ අන්තවාදී ප්‍රහාරයෙන් පසු දිවයින පුරා යුදහමුදාව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමත් සමග විශාල පිරිසක් අත්අඩංගුවට ගනූ ලබීය.

මෙම මෙහෙයුම අතරතුර පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේ හොරොම්බාව සහ සියඹලාගස් කොටුව යන ප්‍රදේශවල කරන ලද සෝදිසි මෙහෙයුමකදී අමාත්‍ය අකිල විරාජ් විසින් මුස්ලිම් මන්දිර සෝදිසි කිරීමට විරෝධය දක්වා ඇති අතර පොඩි මිනිසුන්ගේ නිවාස සෝදිසි කිරීමට ඉඩ සැලසූ බවට ගම් වැසියෝ චොදනා කරති.

පසුගියදා විශාල වශයෙන් සැක කටයුතු පුද්ගලයන් සහ අවි ආයුධ සොයා ලනු ලැබුවේ එවැනි සුවිසල් මන්දිරි වලින් බවත් එවන් පසුබිමක අකිල විරාජ් ඇමතිවරයා විසින් ඔවුන් ආරක්ෂා කිරීම අන්තවාදය පෝෂණය කිරීමක් වන බවටද ඔවුන් චෝදනා කර සිටිති.



One thought on “ඇමති අකිලගේ මැදිහත්වීමෙන් මුස්ලිම් මන්දිර සෝදිසිය නවතා පොඩි මිනිසා සෝදිසියට ඉඩ – කුරුණෑගල මුස්ලිම් ජනතාවගෙන් චෝදනාි”

  1. “..පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේ හොරොම්බාව සහ සියඹලාගස් කොටුව යන ප්‍රදේශවල කරන ලද සෝදිසි මෙහෙයුමකදී අමාත්‍ය අකිල විරාජ් විසින් මුස්ලිම් මන්දිර සෝදිසි කිරීමට විරෝධය දක්වා ඇති අතර පොඩි මිනිසුන්ගේ නිවාස සෝදිසි කිරීමට ඉඩ සැලසූ බවට ගම් වැසියෝ චොදනා කරති.”

    කුරුණෑගල ප්‍රදේශය අන්තවාදීන්ගේ Hotspot එකක් වී තිබියදී අමාත්‍ය අකිල විරාජ් මෙසේ මැදිහත්වීම් කර ඇත්නම් එය ඉතා භයානක ප්‍රථිපල ගෙනදෙවන්නක් වනු ඇත. මෙහිදී අපට විශේෂයන්ම සිහියට නැගෙන්නේ (?මලියදේව) විදුහල අසල සොයා ගත් sniper nest එක ගැනය. එහෙත් එය පාවිච්චි කිරීමට සිටි අය පලා ගොස් තිබුණි.
    දැනට කුරුණෑගල ෂාෆි දොස්තර අත්අඩංගුවට ගෙන ඇත්තේ අනිසි ලෙස දේපල ඉපයීම යන ‘සාපේක්ෂ වශයෙන්’ ලිහිල් චෝදනාවකට වුවද, රටේ පවතින තත්වය හමුවේ ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බව සක්සුදක් සේ පැහැදිලිය. උගත් යයි සැලකෙන අය වටා නුගත් අන්තවාදීන් පෙළ ගැසීම වේගවත් බැවින්ද (එක් පාස්කු ඉරිදා ප්‍රහාරකයකු මෙවැන්නෙකි) මෙවැනි රජයේ සේවයේ නියුතු “උගතුන්ට” අවට සිටිනවුන්ගේ සැකයට ලක් නොවී සිය අන්තවාදී කටයුතු කරගන යාම පහසු බැවින්ද මෙවැන්නන් අන්තවාදී ජාලයේ උසස්ම තැන්වල සිටින “මෙහෙයවන්නන්” (highest echelons of power) වීමේ ප්‍රවනතාව වැඩිය. ෂාෆි දොස්තර මුදවා ගැනීමට ඇති උවමනාව ඔහුගේ වඳ සැත්කම් හෙළිවීමට වඩා ඔහු හරහා අන්තවාදී නායකත්වයක් හෙළිවීම ගැන බියෙන් විය නොහැකිද?

    දැනටමත් මුදල් අමාත්‍යංශයේ උසස් පුද්ගලයකු (මොහමඩ් අලි හසන් ) නීතියේ රැහැනින් රිංගා ගොස් ඇත. ඔහුගේ මල්වාන නිවසේදී සගවා තිබු කඩු 2, ගිනිඅවි පතරොම් සිය මාමණ්ඩිය පිට පටවා බේරී ගිය බව පෙනෙන්නට තිබේ. එහෙත් එහිදී හමුවූ පොත්පත් ගැන ඔහුට කිවහැකි වුවේ කුමක්දැයි දැනගැනීමට කැමැත්තෙමු. එම පොත් සියල්ල දමිළ කොටි ත්‍රස්තයන්ගේ සටන් පිළිබදව ලියවුන පොත් බව පෙනෙන්නට තිබුණි (Tigers of Lanka: From Boys to Guerrillas by M. R. Narayan Swamy , Sri Lankan Tamil Nationalism : its origins and development in the Nineteenth and Twentieth centuries. by Alfred Jeyaratnam Wilson; A J V Chandrakanthan සහ තවත් නම පැහැදිලි නැති පොතක්..). මෙයින් Sri Lankan Tamil Nationalism යන පොතේ පිටපත් 2 ක් ම තිබුනේ මේ පොත් කවුරුන් අතර හෝ බෙදා හැරීමට මිලට ගෙන තිබු ඒවා නිසා නොවේද? එයින් පැහැදිලි වන්නේ මේ පොත් මගින් “කොටින්ට වැරදුන” තැන සොයාබලා ඒවා නිවැරදි කරගෙන අවි අතට ගන්නට තිබු සැලසුමක් ගැනද? ඔහු මුදල් අමාත්‍යංශ නිලධාරියකු පමණක් නොව Educational Progressive Organization නමැති සංවිධානයක නියෝජ්‍ය අධ්‍යක්ෂ කෙනෙකු බවද සදහන් name tag එකක් පෙනෙන්නට තිබුණි. ඒ කුමන “ප්‍රගතිශීලී අධ්‍යාපන” සංවිධානයක්ද? මේ පොත් පරිශීලනය කලේ මෙම “ප්‍රගතිශීලී අධ්‍යාපන” කණ්ඩායමද?

    දැනටමත් සිවුරු, සුදු සිල් ඇදුම් , කඩු , අත් බෝම්බ , හමුදා ඇදුම්, ගුවන් යානා නාශක අවි, දුරදක්න, රෑට පෙනීම දෙන night vision goggles, රසායන ද්‍රව්‍ය , පුපුරණ ද්‍රව්‍ය, “හදුනා නොගත්” උපකරණ පමණක් නොව බුද්දි අංශ ඇදුමකින් සැරසී වැඩකටයුතු කරගෙන ගිය අන්තවාදියෙක්ද සොයා ගෙන ඇත. අන්තවාදීන් 10000 පමණ පුහුණු කදවුරු වල පුහුණු වීම් කර ඇත. අප්‍රියෙල් 21 පසු එයට නුදුරු දිනකදී , “සැගවී ආරක්ෂා සහගතව” සිටින ලෙස කාන්තා කටහඩකින් කියන හඩ පටයක් සොයා ගත් බව කියැවුණි.
    මේ සියල්ල එකට කැටිකරන විට මැවෙන චිත්‍රය “කල්ප විනාශයක් ” ගැන කර ඇති අනාවැකියෙන් මවන චිත්‍රය තරමටම භයානක නොවේද?

    පසුගියදා බම්බලපිටිය හා කුරුදුවත්ත පාසල් 2 ගැන ආරක්ෂාව සම්බන්ධ විශේෂ දැනුවත් කිරීම් කර තිබුණි. දැන් ඒ පෙදෙසට යන මාර්ගයේ රථවාහන සීමා කර ඇති බව කියැවුණි. මෙවැනි තත්ත්වක් හමුවේ අකිල විරාජ් ලගදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දෙමාපියන් විසින් දැනට පාසල් වලට දෙන ආරක්ෂාව දිගටම කරගෙන යනවාද යන්න ගැන තවදුරටත් සලකා බැලීම විදුහල්පති/දෙමාපියන්ගේ තීරණයක් බවයි. එය පාසල් වල ආරක්ෂාව සම්බන්ධයෙන් කල “සැහැල්ලු” ප්‍රකාශයක් නොවේද? දෙමාපියන් අනිසි ලෙස බියගැන්විම නොකටයුතු නමුත් අපගේ මල් වැනි දරුවන්ට දිය හැකි උපරිම ආරක්ෂව ලබාදීය යුතු නොවේද?
    ළමුන්ගේ ආරක්ෂාව පැත්තක තබා ඔවුන්ට ටැබ් පරිගණක සහ විදුහල් වලට සී සී ටී වී කැමරා ලබාදෙන “කොන්ත්‍රාත්තු කුට්ටි” ගැන පමණක් ඇස ගසා සිටින මෙවැනි දේසපාලුවන් කවුරු කොහෙන් සොයා ගත්තාදැයි ප්‍රශ්නයකි!

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More