දේශීය පුවත්

පොලිස් අත්අඩංගුවේ පසුවන කුරණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඞ් ෂාෆිට එරෙහිව කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට මේ වන විට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 542 කි.

වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් ෂාෆි විසින් සිසේරියන් සැත්කම්වලට ලක් කිරීමෙන් පසු යළි පිළිසිඳගැනීමක් සිදු නොවූ බව සහ සැත්කමින් පසු සංකූලතා ඇතිවූ බව පවසමින් ඊයේ (02 දා) පෙරවරුවේ සිට මව්වරුන් 40 දෙනකු කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි කළහ.



One thought on “කුරුණෑගල දොස්තරට එරෙහිව පැමිණිලි 542ක්”

  1. වෛද්‍ය මොහොමඞ් ෂාෆි පමනක් නොව බදුල්ල, පේරාදෙණිය යන රෝහල් වලද එවැනි වෛද්‍යවරුන් සිටි/සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් වෛද්‍ය ෂාෆිගේ පරීක්ෂන කටයුතු කෙරීගන යන අතරතුරම ඔවුන් ගැනද වාර්තා ලබා ගත යුතුමය. මේ අයගෙන් සමහරකු මෙවැනි සිද්දි වාර්තා වනවාත් සමගම මඩකලපුවට මාරු කර යවා ඇති බවද දැන ගන්නට ලැබුණු අතර තවත් සමහරු පිටරට සංක්‍රමණය වී ඇත.

    තවද කුරණෑගල රෝහලේ සිංහල ජාතික (?ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් ) සමහරකු මේ පරීක්ෂණ යටපත් කිරීමට වෙර දරන බවත්, ඔවුන් තමනට ලැබී තිබුන සිසේරියන් සැත්කම් වෛද්‍ය මොහොමඞ් ෂාෆිට යොමු කර ඇති බවටත් චෝදනා නැගෙමින් පවතියි. මේ චෝදනාද විශේෂයෙන් සලකා බැලිය යුතුය. තවද මෙම අන්තවාදී ජාලයට සිංහල වෛද්‍යවරුන් පමණක් නොව සමහර සිංහල පවුල් සවුක්‍ය සේවිකාවන්ද සම්බන්ධ කරගෙන නැතැයි කිව නොහැක.

    අරාබි සල්ලි මත යැපී නොකටයුතුකම් කරන සියලු දෙනා ජාති, ආගම් බේදයකින් තොරව විභාග කල යුතුය. එවිට පමණක්ම රාජිත අමාත්‍යතුමා විසින් “සිංහල දොස්තර කෙනෙක් අහුවුනා නම් ඔයගොල්ලන්ට ඔච්චර කැක්කුමක් නෑ නේද?” යනුවෙන් අප ජාතිවාදීන් ලෙසට කල චෝදනාවෙන් නිදහස්විය හැක. සමහරවිට ඔහු එලෙස කියන්නට ඇත්තේද මේ සිංහල දොස්තරුන් පිළිබද හෝඩුවාවක් ඔහුට ලැබී තිබීම නිසාම වන්නටත් පුළුවන. අප එක් ජාතියක වරදකරුවන් පසුපස පමණක් හඹා ගියහොත් ඉදිරි මැතිවරණයකදී මේ කරුණද මෙම අවස්ථාවාදී දේසපාලුවන් විසින් ප්‍රයෝජනයට ගනු නොඅනුමානය.
    සුළු චන්ද මත යැපීමේ යල්පැනගිය ප්‍රතිපත්තිය බැහැර කලයුතු අතරම සියලු ජනකොටස් වලට සමානාත්මතාවයෙන් යුතුව සැලකීමද ඉදිරි ආණ්ඩුවක වගකීම වනු ඇත.

    එසේම ගලගොඩඅත්තේ ඥණසාර හිමියන් “පුංචි පවුල රත්තරං ” නම් 1973 පටන්ගත් ව්‍යාපෘතියක් ගැන කියමින්, පැවතුන සියලුම රජයන් නීත්‍යනුකුලව මේ වන්ද්යාකරණය කරමින් ඇති බවත් මහින්ද “රජ්ජුරුවන්ට” මේ ගැන කියුවත් “කෝ වැඩක් වුණාදැයි” ද අසයි. එසේම ෂාෆි දොස්තර හඹා යාම ගැනද එතරම් උනන්දුවක් ඇතිබව නොපෙනේ. ඥණසාර හිමියන් රතන හිමියන් බැලීමට පැමිණි අවස්ථාවක “තමන්ගේ වෙනම දේශපාලන මතවාද තිබුනද මෙතනදී එකට සිටගන්නවා…” වැනි අදහසක්ද පලකල බව අපට මතකය. එසේ තමන් කිසියම් දේශපාලකයකුට/කණ්ඩායමකට පක්ෂග්‍රාහී බව ප්‍රසිද්දියේ කීම ගැන අප එහිමියන්ට ස්තුති කරමු. එහිමියන් නිදහස් වන දවසේදී අසාද් සාලි මහතාද සිරගෙදර පැත්තේ කරක්ගැසු බව අපට අමතක නැත. ෂාෆි දොස්තර නිවැරදි කරුවකු කිරීමට වඩාත්ම කෑ ගැසුවේද අසාද් සාලිය.

    කෙසේ වෙතත් නීත්‍යනුකුල වන්ද්යාකරණය සහ බලෙන්, නොදැනුවත්ව එසේ කිරීම අතර ලොකු වෙනසක් ඇත. මුස්ලිම් දරුවන් සෑදීමට පල්ලි වලට අරාබි සල්ලි පොම්ප කරන බව නොරහසකි. එවැනි පිළිසරණක් නැති අම්මලාට දරුවන් සෑදීමට යයි බලකිරීමට රජයට නොහැක. එය හුදෙක්ම තම තමන්ගේම පවුල් වල තීරණයක් විය යුතුය. නමුත් උපත් පාලන සේවයේ නිරත අය මවකට දරුවකු දෙන්නෙකු ලැබුන පමණින් ඔවුන් හඹා ගොස් වන්ද්යකරණයට ලක්වීමට බලපෑම් කෙරේ නම් එය නැවැත්විය යුතුමය. මෙවැනි තත්වයක් තිබියදීද අපගේ හමුදාවන්ට වැඩිපුරම සෙබළුන් තැනුනේ පිටිසරබද මවුන්ගෙනි. ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කිරීම ජාතියේ වගකීමකි.

    ඥණසාර හිමි කුමක් කීවද දැනට හොදින්ම හසුවී තිබෙන්නේ ෂාෆි දොස්තර හෙයින් ඔහු ගැන පරීක්ෂණ කලයුතුමය. පරීක්ෂණ නිමා කිරීමට කලින් ඔහු අත් අඩංගුවට ගැනීමටද තිබෙන චෝදනා හොදටම සෑහෙන බව අපගේ මතයයි. එමගින් ඒ ජාලය පිළිබද තොරතුරු නිරාවරණය කරගත හැකිවනු ඇත. “තෝරු මෝරු ” හසුවනතුරු “හාල්මැස්සන්” ට එළියේ සිටීමට ඉඩදිය නොහැකිය. එසේම හාල්මැස්සන් ගැන පමණක් අවධානය යොමුකර තෝරු මෝරුන්ට පැනයා දිය නොහැක. top to bottom මෙන්ම bottom to top ද බුද්දි අංශ වල පිළිගත් ක්‍රියාවලියක් බව නොඅනුමානය.

    තවද සවුක්ය අමාත්‍යංශයේ වෛද්‍ය පනාපිටිය එම අමාත්‍යංශය විසින් පත්කර ඇති කමිටුව “පුළුල් කර” එයට “වඩා පිළිගැනීමක්” ඇතිවන ආකාරයෙන් ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්වා ඇති බව ඇසුවෙමු! ඔවුන්ගේ හැමදාමත් “හෙට” ලබාදෙන “අතුරු වාර්තාව” දැනටමත් ෂාෆි දොස්තර නිදොස් කරගැනීමට අවශ්‍ය කරන පටිපාටියකට පාර කපන්නක්ද? ඔවුන් කියන ලෙසම එයට ” පිළිගැනීමක්” ලැබුන පසු එය එලිබසිනු ඇත.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More