දේශීය පුවත්

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා මළුවේ උපවාසයක නිරත වෙන පුජ්‍ය අතුරලියේ රතන හිමිට සහයෝගය පළකිරීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (2) උදැසන එහි වැඩම කර සිටියා.

එහිදී මාධ්‍ය අමතමින් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කර සිටියේ, අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, ආණ්ඩුකාර හිස්බුල්ලා සහ අසාද් සාලි ඔවුන් දරන තනතුරුවලින් ඉවත්කිරීම සඳහා හෙට(3) දහවල් 12 වන තුරු රජයට කල් ලබා දෙන බවයි.

එය සිදු කිරීමට ආණ්ඩුව අපොහොසත් වන්නේනම් සමස්ත සංඝයා එකතුව රටපුරා මෙම අරගලය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බවත් ඥානසාර හිමි මෙහිදී අවධාරණය කර සිටියා.

කුමන දේශපාලන මතවාද දැරුවද මුස්ලිම් අන්තවාදයට එරෙහිව ගෙන යන අරගලයේදී තමන් වහන්සේ ඕනෑම පාර්ශවයක් සමග කොන්දේසි විරහිතව එකතුව කටයුතු කිරීමට සුදානම් බවත් ඥානසාර හිමි මෙහිදී පැවසීය.

colombo today



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More