දේශීය පුවත්

මුස්ලිම් අන්තවාදී සංවිධාන වලට සම්බන්ධවී රැඩිකල් මත දරන මුස්ලිම් තරුණයන් දස දහස් සංඛ්‍යාත පිරිසක් ගැන තොරතුරු ආරක්ෂක අංශ වෙත වාර්තා වී තිබෙන අතර ඔවුන් කඩිනමින් පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩසටහනක් ජාතික ආරක්ෂාව පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙන බව වාර්තා වේ.

එක් මුස්ලිම් අන්තවාදී සංවිධානයකට මෙවැනි මුස්ලිම් තරුණයන් 20,000ට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ වී තිබෙන බවට තොරතුරු වාර්තා වී තිබෙන බවත් එවැනි මුස්ලිම් අන්තවාදී සංවිධාන 15 – 20 ක් අතර සංඛ්‍යාවක් රට තුල ක්‍රියාත්මකව පවතින බවත් මෙහිදී තොරතුරු හෙළිදරව් වී ඇත.

මේ ආකාරයෙන්ම මුස්ලිම් අන්තවාදී සංවිධාන වලට සම්බන්ධ වන්නේ දස දහස් ගණනක් වන මුස්ලිම් තරුණයන් ගේ මනස නිවැරදි මාර්ගයට ගෙන ඒම කඩිනමින් සිදු කළ යුතුව තිබෙන බවත් ඒ සඳහා සිදු කරනු ලබන පුරුත්තාපන වැඩ සටහනේ ව්‍යුහය සහ එහි ක්‍රියාත්මක කරන ආකාරය මෙම ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡා වී තිබේ.

එහි මූලික වර්තාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධිකරණ කාරක සභා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු නියෝජිතයින් අමාත්‍යාංශ ගණනාවක ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු අදාළ ආයතන රැසක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මේ දිනවල ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව රැස් වෙන්නේ එහි සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More