දේශීය පුවත්

ජනාධිපතිවරයා එක පැත්තකින් දේශපාලනය කරන බවත්, මුස්ලිම් ඡන්ද අවශ්‍ය නිසා ජනාධිපතිවරයා එසේ කරන බවත්, රටේ ජනතාවගේ ප්‍රශ්නවලටත් එතුමා ඇහුන්කන් දිය යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය වෙලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පැවසීය.

තලවාකැලේ ප්‍රදේශයේදී ඊයේ(01) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා ඒ බැව් කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“අතුරලියේ රතන හාමුදුරුවන් ආරම්භ කර ඇති උපවාසය සම්බන්ධව අපට කීමට ඇත්තේ මේ රටේ සියලුම ප්‍රශ්න උපවාස කරලා විසඳගන්න බෑ කියලයි. දේශපාලන ප්‍රශ්න විසඳගන්න ඕන නම් දේශපාලන ප්‍රධානීන් සමග කතා කර විසඳුමක් ලබා ගත යුතුයි. එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී හැටියට එතුමාට පුලුවන් ජනාධිපතිතුමා සමග අගමැතිතුමා සමග කතා කර තීරණයක් ගන්න. එතුමාගේ බලාපොරොත්තුව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ඉවත් කරන්න. ඒ අය ඉවත් කරන්න ඕන නම් ජනාධිපතිතුමා සමග කතා කර කරන්න පුලුවන්. මේ රටේ උපවාස කරල ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න පුලුවන් නම් හැමදාම හැමෝම උපවාසේ ඉඳල මේ ප්‍රශ්නෙට යයි. අපි ගරු කරන්න ඕන ස්වාමීන්වහන්සේට. උන්වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් විදිහට මේ ප්‍රශ්නය ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර විසඳන්න පුලුවන් කියල මම හිතනවා. ආණ්ඩුකාරවරුන් පත්කරන්නේ ජනාධිපතිතුමා. මේ ආණ්ඩුකාරවරුන්ගේ බලාපොරොත්තු වගේම හැසිරීම කොහොමඳ කියල විවිධ ප්‍රශ්න දැන් මතුවී තිබෙනවා. මේ වගේ රිෂාඩ් බදියුදීන් ඇමතිතුමාගේ ප්‍රශ්නයක් තිබෙනවා. ආණ්ඩුකාරවරුන්ගේත් ප්‍රශ්නයක් තිබෙනවා. මේකට දේශපාලන මැඳිහත්වීම් නැතිව ජනාධිපතිතුමා සමග සාකච්ඡා කර මේකට විසඳුමක් සෙවිය යුතු බවයි අපේ අදහස. ජනාධිපතිතුමත් එක පැත්තක දේශපාලනය තමයි කරන්නේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More