දේශීය පුවත්

 

කුරුණෑගල රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සාෆි සහබ්දීන් එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ අපෙක්ෂකයකු වගේම එහි සිරිකොත මූලස්ථානයේ නඩත්තු කිරීමට මුදල් ලබාදෙන අයකු හෙයන් එජාප ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ කමිටුවලින් සිදුවන්නේ ඉහත වෛද්‍යවරයාට සුදුහුණු ගෑම පමණක් බවත් මේ ‘සාෆිගේ ගර්භාෂ යුද්ධයේ’ ගොදුරු බවට පත් වූ මව්වරුන්ට යම් හෝ සාධාරණයක් ඉටු කළ හැක්කේ රෝහල් කාර්ය මණ්ඩලය ද නියෝජනය වන ලෙස ජනාධිපතිවරයා පිහිටුවනු ලබන ස්වාධීන කමිටුවකින් බවත් විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද (01) කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ වෛද්‍ය සාෆි සහබ්දීන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණ සිටි මව්වරුන් ද සම`ග සාකච්ඡා කිරීමෙන් අනතුරුව රෝහල් පරිශ‍්‍රයේ සිටි මාධ්‍යවේදීන් අමතා විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

ඉහත වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්තම්වලට භාජනය කරන ලද මව්වරුන් 300ක් පමණ පැමිණිලි කර ඇත්තේ එකම කරුන බවත් එනම් තමන් හට සිදු කරන ලද සැත්කමින් පසු දරු ඵල අහිමි වූ බවත් යැයි පැවසූ විමල් වීරවංශ මහතා මෙය මේ රටේ ඉපදීමට සිටි රත්තරන් දරු පැටව් ටිකක් මරා දැමීමක් නොවේදැයි විමසා සිටියේය.

සාෆි වෛද්‍යවරයා සිදුකර ඇත්තේ ‘ගර්භාෂ යුද්ධයක් බවත්, සිංහල මව්වරුන් පමණක් ඉලක්කකර ගෙන සිදුකරන ලද හෙයින් එය ‘ජනවාර්ගික සංහාරයක්’ ලෙසද හැඳින්විය හැකි බවත් වීරවංශ මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට  ජයන්ත සමරවීර, ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප‍්‍රියංගා කොතලාවල, කුරුණෑගල දිස්ත‍්‍රික් නායක කැලූම් ජයසුමන යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More