දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා නිල වශයෙන් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සම්මේලනයේදී සිදුකෙරෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සති අන්ත පුවත්පතකට පවසා ඇත.

එම ජාතික සමුළුව ලබන සැප්තැම්බරයේ හෝ ඊට පෙර පැවැත්වෙනු ඇතැයිද හෙතෙම සඳහන් කර ඇත. පසුගියදා පැවති පක්ෂනායක සමුළුවේදී තම සන්ධානයේ සිටින ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයන් පිරිසක් පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා ඉක්මනින් ප්‍රකාශයට පත් කරන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

එ.ජා.ප.යද තවමත් සිය අපේක්ෂකත්වය හඳුන්වා දී නැති බැවින් ඒ සඳහා සිය පක්ෂය නිශ්චිත මොහොතේ සුදුසු පියවර ගන්නා බවත් දැනටමත් පක්ෂය තුළ ඒ ගැන මූලික අදහසක් ඇතැයිද රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More