ව්‍යාපාරික පුවත්

මෙතෙක්‌ රජයට පවරාගෙන නොමැති නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳහා රජය මසකට රුපියල් කෝටි දෙකහමාර බැගින් රුපියල් කෝටි හාරසියයක්‌ මේ වනවිට වියදම් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටියි.

තවමත් රජයට පවරාගෙන නැති මෙම පෞද්ගලික රෝහල විසින් ලබාගෙන තිබෙන බැංකු ණය මුදල පවා රජයෙන් ගෙවා දමමින් සිටින බව ද කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා එක්‌වරක්‌ නීති විරෝධී ක්‍රියා නිසා මන්ත්‍රී ධුරය අහිමි කර ගත් රාජිත සේනාරත්න මහතා මෙවර ඇමැති ධුරය, මන්ත්‍රීධුරය පමණක්‌ නොව ප්‍රජා අයිතිය ද ඉතා කෙටි කලකින් අහෝසිකර ගැනීමේ ලකුණු පෙන්වමින් සිටින බව කීය.

නෙවිල් ප්‍රනාන්දු රෝහල තවමත් පෞද්ගලික රෝහලක්‌ ලෙස පවතින බව ද එසේ තිබියදී එහි වියදම් රජය මගින් සිදුකරන බව ද සෞඛ්‍ය ලේකම්වරිය ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පිළිගෙන ඇතැයි කී වෛද්‍ය අලුත්ගේ මහතා තම සංගමය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතු මෙසේ සිදුවෙමින් තිබෙන බව ද කීවේය.

රජයේ මුදල් මෙසේ පෞද්ගලික රෝහලක්‌ වෙනුවෙන් වැය කිරීම වහා නතර කළ යුතු බව ද, රාජිත සේනාරත්න ඇමැතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කර ඇති ඉල්ලීමට තවත් හේතුවක්‌ ලෙස මෙම සිද්ධිය එකතු වන බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More