ශ්‍රී ලංකාව තුළ කඳවුරු පිහිටුවීමට හැකි ඕනෑම විදෙස් ගිවිසුමකට තමන් දැඩි ලෙස විරුද්ධ බව අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් සහ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ප්‍රකාශ කර ඇත.
අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අද (31) පස්වරුවේ මහනුවර අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මිහියන් ඇතුලු අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව මුණ ගැසුණි.
එම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන අතිපුජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් සහ දිඹුල් කුඹුරේ ශ්‍රී විමල ධම්ම හිමියන් ද එක්ව සිටියේය.
පසුගිය කාලය පුරාම ජාතික සංවිධාන එකමුතුව ඇතිළු ජාතිකබලවේග විසින් රටට හතුරු මෙම ගිවිසුම් පිළිබදව මාධ්‍ය සහ මහජනතාව දැනුවත් කළහ. ඉන් පසුව බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ මෙම ගිවිසුම් ත්‍රිත්වය පිළිබදව කථිකාවක් සමාජය තුළ ගොඩ නැගුණි.
මේ වන විට මහානායක හිමිවරුන් සහ අගරදගුරු කාදිනල් හිමිගේද දැඩි වරෝධය එල්ල වෙමින් තිබේ.
ලිපියට මෙතැනින් පිවිසෙන්න
වීඩියෝවට මෙතැනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...