දේශීය පුවත්

සියලුම රාජ්‍ය ආයතනවල සියලුම කාන්තා නිලධාරිනියන් සාරිය හා ඔසරිය පමණක් හැද රාජකාරියට පැමිණිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාගේ අත්සනින් යුතු ලිපියකින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තුමේන්තු ප්‍රධානින්ට ලිපියකින්  දන්වා තිබේ.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළනාකරණ අමාත්‍යංශ ලේකම්වරයා මේ බව දන්වා ඇත්තේ රජයට අයත් සියලුම කාර්යාල පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් බව එම ලිපියේ ශීර්ෂ පාඨයේ සඳහන් කර ඇත.

1989.2.1 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 8/ 89 අමතරව සියලුම රාජ්‍ය නිළධාරින්ට අදාළ වන පරිදි මෙම චක්‍ර ලේඛනය නිකුත් කර තිබේ.

එය 2019.4.29 දින නිකුත් කරන ලද අංක 2121/1 සහ 2019.5.13 දින නිකුත් කරන ලද අංක 2123 / 4 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කර එහි සදහන් නියෝග සියලුම රාජ්‍ය ආයතන තරයේ පිළිපදින ලෙසට දන්වා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More