දේශීය පුවත්

හම්බන්තොට රුවන්පුර උපරතන බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිරිපිට  බුදු මැදුරේ තිබු අඩි තුනක් පමණ උස බුදුපිළිම වහන්සේ දෙනමක් සඳහා ඊයේ (30) සවස කිසියම් අයෙකු විසින් හානි කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලීසිය මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ  කර තිබේ .

අදාළ බුදු කුටියේ තිබූ බුදුපිළිම වහන්සේ දෙනමක් සඳහා  මෙසේ හානි කර තිබෙන බව එම බෞද්ධ මධ්‍යස්ථානයේ  වැඩ වසන හිමියන් විසින්  හම්බන්තොට මුලස්ථාන පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ  කර තිබේ .

මෙම කටයුක්ත කවුරුන් කුමක් අරමුණු කරගෙන සිදුකල ක්‍රියාවක්ද යන්න මෙතෙක් අනාවරණ කර ගෙන නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ  කර තිබෙන බවත් කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය .

එමෙන්ම මේ වනවිට එම ප්‍රදේශයට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාව යොදවා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More