දේශීය පුවත්

සිය දෙවන ධුර කාලය සදහා දිවුරුම් දෙනු ලැබු ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන මස 09 වෙනිදා ශ්‍රි ලංකාවේ සංචාරයක් සදහා පැමිණිමට නියමිත බව වාර්තාවේ.

අමාත්‍ය රාවුෆ් හකීම් ට්විටර් පණිවිඩයක් තබමින් ඉන්දිය අගමැතිවරයාගේ ශ්‍රි ලංකා සංචාරය පිලිබදව තහවුරු කර තිබේ.

මේ අතර අද (31) දිනයේදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා ශ්‍රි ලංකා දුත පිරිස ඉන්දිය අගමැතිවරයා හමුවිමට නියමිත බව අමාත්‍ය රාවුෆ් හකීම් සිය ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් සදහන් කර ඇත.

අගමැතිධුරයට පත්විමෙන් අනතුරුව ජුනි 08 වෙනිදා සිය පළමු විදෙස් නිල සංචාරය සදහා මාලදිවයින බලා යාමෙන් අනතුරුව ඉන්දිය අගමැතිවරයා ශ්‍රි ලංකාවට පැමිණිමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත්සදහන්කරයි.

පාස්කු ඉරිදා එල්ලවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලවෙන් පසුව ශ්‍රි ලංකාවේ සංචාරය කිරිමට නියමිත පළමු විදේශිය රාජ්‍ය නායකයා වන්නේ ඉන්දිය අගමැතිවරයාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More