දේශීය පුවත්

කළුතර දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ සම සභාපති තනතුරට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පත් කිරීමට එරෙහිව අසාද් සාලි මහතා කළුතර සම්බන්ධීකරණ කමිටු රැුස්වීමට පැමිණි විට විරෝධය පළ කරමින් භික්‍ෂූන් වහන්සේලා ප‍්‍රමුඛ පිරිසක් ඊයේ (30 දා* දහවල් කළුතර දිසා ලේකම් කාර්යාල ගේට්ටුව අසලදී විරෝධතාවක නිරතව සිටියහ.

උතුරු කළුතර ගංගාරාම විහාරාධිපති හෙට්ටිපොල සීවලී හිමි, ඈතගම විහාරාධිපති මස්පැන්නේ ගුණාලංකාර ඇතුළු හිමිවරුන් පස් නමක්ද ගිහි පිරිසක්ද මෙම විරෝධතාවට ඊයේ එක්ව සිටියහ.

සභාව අවසන් වීමෙන් පසු ආණ්ඩුකාරවරයා එනතුරු භික්‍ෂුන් වහන්සේලා ප‍්‍රධාන ගේට්ටුව අසල රැුඳී සිටි අතර කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතා අසාද් සාලි මහතාට දිසා ලේකම් කාර්යාල පිටුපස ගේට්ටුවෙන් පිටතව රැුගෙන යෑමට තැත් කළේය. එම ස්ථානයට වැඩම කළ භික්‍ෂුන් වහන්සේලා මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නියැළී සිටි අතර පොලිසිය මැදිහත්වී ආණ්ඩුකාරවරයාට ගමන් කිරීමට පහසුකම් සලසා දුන්නේය.

මග දෙපස රැුඳී සිටි පිරිස මේ අවස්ථාවේදී හූ හඬ නඟමින් ආණ්ඩුකාරවරයාට විරෝධය පළ කළහ.

සම්බන්ධීකරණ රැුස්වීමේදී අදහස් පළ කළ අසාද් සාලි ආණ්ඩුකාරවරයා බස්නාහිර පළාතේ සංවර්ධනයට විශාල වැඩ කොටසක් සිදුකිරීමට ඇතැයි ද පළාතේ මාර්ග ඇත්තේ රථ වාහන ගමන් කිරීමටත් පදික වේදිකාව ඇත්තේ ජනතාවට ගමන් කිරීමටත් බැවින් පදික වේදිකාවල වෙළෙඳාම් කරන අය ඉවත්කරන බව කියා සිටියේය.

ඒ අවස්ථාවේදී ලක්‍ෂ්මන් විජේමාන්න මහතා අදහස් දක්වමින් කළුතර නගරයේ පදික වෙළඳුන්ගේ ප‍්‍රශ්නය විසඳීමට පියවරගන්නා ලෙස කළුතර දකුණ පොලිසියට උපදෙස් දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More