දේශීය පුවත්

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ තේරීම් කාරක සභාව සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා කැඳවන ලෙසට ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා කොළඹදී පැවැසීය.

මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කරමින් තමාත් කාවින්ද ජයවර්ධන මන්ත‍්‍රීවරයාත් තේරීම් කාරක සභාවට ලිපියක් යොමු කරන බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේද කීය.

‘‘ඒ. එල්. ඒ. එම් හිස්බුල්ලා මහතා නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරනවා. ආණ්ඩුකාරවරු කියන්නේ ඒ ප‍්‍රදේශය නියෝජනය කරන ජනාධිපතිවරයාග් නියෝජිතයායි. මේ ආණ්ඩුකාරවරු දැන් දේශපාලඥයන් ලෙසම කටයුතු කරනවා. ඔවුන් අද දේශපාලඥයන් මෙන් අදහස් දක්වනවා. අනික් පැත්තෙන් දේශපාලඥයන්ට පැවරෙන වගකීම් ටිකත් ආණ්ඩුකාරවරුන්ට ලබාදීලා තියෙනවා. දිස්ත‍්‍රික් කමිටුවල සභාපති හැටියටත් මේ ආණ්ඩුකාරවරුන් පත් කරලා තියෙනවා. මේ පත්කිරීම කරලා තියෙන්නේ එතුමන්ට විරුද්ධව විශාල චෝදනාවක් එල්ල වී තිබීයදීයි.”

“පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් හිස්බුල්ලා මහතාට යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවද කියලා අපිට ගැටලූවක් තියෙනවා. ඒ නිසා අපි පුන පුනා කියනවා මොහු ගැන පරික්ෂණයක් කරන්න කියලා. ඒ පරික්ෂණ කරනවා වෙනුවට එතුමන් දිස්ත‍්‍රික් කමිටු සභාපතිධුරයකුත් ලබාදීම ගැන අපි කනගාටු වෙනවා. හිස්බුල්ලා මහතා සහරාන් සමඟ තිබූ සම්බන්ධතාවය, එතුමා මුස්ලිම් අන්තවාදයට දැක්වූ සහයා, ඔහු සතුව තිබෙන අධ්‍යාපන ආයතන, අන්තවාදය හැදෑරීමට ලබාදී ඇති අවස්ථාව සම්බන්ධයෙන් කරුණු විමසන ලෙසත් තේරීම් කාරක සභාවෙන් අපි ඉල්ලා සිටිනවා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More