දේශීය පුවත්

ප‍්‍රකාශ සටහන් කර විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව මහ බැංකු බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේදී අසත්‍ය ප‍්‍රකාශ කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට පියවර ගන්නා බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය ඊයේ (30 ) කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නාය.

එලෙස මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අසත්‍ය ප‍්‍රකාශ කිරීම ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 189 වගන්තිය යටතේ ගැනෙන වරදක් බැවින් අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය එහිදී අධිකරණයට වැඩිදුරටත් ප‍්‍රකාශ කළාය.

රවි කරුණානායක මහතාගේ පවුලේ සාමාජිකයන්ට අයත් ග්ලෝබල් ට‍්‍රාන්ස්පොටේෂන් පුද්ගලික සමාගමට අදාළ ආදායම් වියදම් විස්තර, බැංකු ගිණුම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ලබාදෙන ලෙසට රවි කරුණානායක මහතාගේ දියණිය වන ඔනෙලා කරුණානායකට 2019.2.28 වැනිදා අධිකරණය විසින් නියෝග කොට ඇතත් මේ දක්වා එකී නියෝගය අනුව කටයුතු නොකිරීම නිසා විමර්ශන කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ වී ඇතැයි ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය එහිදී අධිකරණයට දැනුම් දුන්නාය.

අධිකරණය විසින් ලබාදෙන ලද එකී නියෝගය අනුව කටයුතු කිරීමට ඔනෙලා කරුණානායක කිසිදු උනන්දුවක් නොදැක්වීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසද එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටි ලක්මිණි ගිරිහාගම මෙනවිය ඉදිරි විමර්ශන සඳහා අවශ්‍ය ප‍්‍රකාශ ලබාදෙන ලෙසට කළ දැනුම්දීම අනුව රවි කරුණානායක හා ඔනෙලා කරුණානායක ලබන 6 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව දැනුම් දී ඇතැයිද අධිකරණයට පෙන්වා දුන්නාය.

ඔනෙලා කරුණානායක ලබන 6 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය විට තම අධිකරණය විසින් 2019.2.28 වැනිදා කරන ලද නියෝගය අනුව අවශ්‍ය ලේඛන ලබා නොදීම සම්බන්ධයෙන් විමසන ලෙසත්, ඉන් අනතුරුවත් තම අධිකරණය විසින් කරන ලද නියෝගය චේතනාන්විතව මගහැර සිටින බව පෙනී යන්නේ නම් ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 172 වගන්තිය යටතේ ඔනෙලා කරුණානායකට එරෙහිව චෝදනාවක් ගොනු කරන ලෙසත් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නීතිපතිවරයාට නියෝග කළාය.

එම විමර්ශනයේ ප‍්‍රගතිය ලබන අගෝස්තු 29 වැනිදා යළි අධිකරණයට වාර්තා කරන ලෙසට ද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එහිදී නියෝග කළාය.

ග්ලෝබල් ට‍්‍රාන්ස්පොටේෂන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි වී. ජී. ආර්. සින්නයියා මහතා ඇතුළු කිහිප දෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කර ඇතැයි ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය එහිදී අධිකරණයට පෙන්වා දුන්නාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More