දේශීය පුවත්

ආරක්‍ෂක මණ්ඩලය මාස දෙකක් රැස් නොවීම බරපතළ වරදක් බවත් තම පාලන කාලයේදී ආරක්‍ෂක මණ්ඩලය සතියකට වරක් රැස්වූ බවත් විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

තංගල්ල කාල්ටන් නිවසේ ඊයේ (30) පෙරවරුවේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්‍ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කීය.

මගේ කාලයේ නම් ආරක්‍ෂක මණ්ඩලය සතියකට වරක් රැස් වුණා. ඒක තමයි යුද්ධය අවසන් කරන්න පුළුවන්කම ලැබුණේ. බුද්ධි අංශ තොරතුරු ගැන, යුද්ධයේ තත්ත්වය ගැන හැම කෙනාම කරුණු ඉදිරිපත් කළා. යුද්ධය අවසන් වූවාට පසුවත් ආරක්‍ෂක මණ්ඩලය රැුස්වුණා. මාස දෙකක් තිස්සේ ආරක්‍ෂක මණ්ඩලය රැුස් නොවීම ලොකු වරදක්. මෙයින් පැහැදිලි වෙන්නේ නිලධාරීන් තමන්ගේ වගකීම් ඉටු නොකළ බව සහ අදාළ නායකත්වයත් එයට උනන්දුවක් දක්වා නැති බවයි. මොකද ඉතාමත් පහසුවෙන් ලැබුණු නිසා අවබෝධයක් නැතිකම තමයි මෙයට හේතුවක් වුණේ. ඉන්දියාවෙන් 4 වැනිදා තොරතුරු ලැබුණා කියනවා. අවසානයේදී නව වැනිදා ලැබුණා කියනවා. නමුත් ඒ අය දන්නේ නැහැ ලැබුණේ කොහෙන්ද කියලා. කොහොම හරි එදා රැුස්වීම රැස්වුණ දවසේවත් ඒ ගැන කතා කරලා නැහැ. ඒ ගැන සොයා බලා කටයුතු කරන්න උනන්දු වෙලා නැහැ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More