දේශීය පුවත්

ඉන්දියාවේ ක්‍රියාත්මක ජාතික විමර්ශන ඒජන්සිය හෙවත් එන්.අයි.ඒ ඔත්තු සේවාවේ පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ අප්‍රේල් 21 අන්තවාදි ප්‍රහාරයට මුලු වූ කණ්ඩායමේ ඉන්දිය සබදතා සම්බන්ධයෙන් සොයාබැලීමට බව ප්‍රකාශ කර තිබේ.

මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ අයි.එස් සංවිධානයට සම්බන්ධ සහරාන් ප්‍රමුඛ කන්ඩායම ඉන්දීයාවට වරින්වර ගොස් තිබෙන බැවින් ඔවුන් සතු ඉන්දිය සබඳතා පිළිබඳව තොරතුරු විමර්ශනය කිරිමට මෙම ඉන්දිය ඔත්තු සේවා කණ්ඩායම දිවයිනට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එම ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමේ පිරිසක් ඉන්දීයාවේ සංචාරය කර ඇති බවට එම ප්‍රහාරය සිදුව දින කිහිපයකට පසුව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳවද ඉන්දීය විමර්ශන කණ්ඩායම අවධානය යොමු වූ බව ඉන්දිය වාර්තා සදහන් කරයි. එහිදී ඔවුන් පැහැදිලි කර ඇත්තේ ලංකාවට එල්ල වූ ආකාරයේ ත්‍රස්ත ප්‍රහාර ඉන්දීයාවට එල්ල වීම වැලැක්වීම මෙම විමර්ශනවල අරමුණ වී ඇති බවය. ඉන්දීය පොලිස් ප්‍රධානි ආලෝක් මිතාල්ගේ ප්‍රධානත්වයෙන් යුත් ඔත්තු සේවා ප්‍රවීණයන් කණ්ඩායමක් මෙම විමර්ශන සඳහා දිවයිනට පැමිණ ඇත. ජාතික තවුහිත් ජමාද් සංවිධාන සාමාජිකයන් මෙන්ම අප්‍රේ්ල් 21 ප්‍රහාරය මෙහෙය වූ මොහොමඩ් සහරාන් ඉන්දියාවේ තමිල්නාඩු සහ කේරල ප්‍රාන්තවල පුද්ගලයින් සමඟ පැවැත්වූ සබඳතා පිළිබඳවද තොරතුරු සොයා බැලීමට මොවුන් එම ප්‍රහාරය සිදුව මාසයකට පසුව ලංකාවට පැමිණ ඇත.

අන්තවාදින් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන බවට අප්‍රේල් මස මුල් භාගයේදී ලංකාවේ රාජ්‍ය ඔත්තු සේවාවට දන්වා ඇත්තේ ඉන්දියාවෙන් බවද කෙසේවෙතත් ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයට ආරක්ෂාව දෙන ලෙසද වේලාසන දන්වා තිබුණු බව වාර්තා විය. මේ වනවිට IS අන්තවාදින් ලංකාවේ ප්‍රහාරවල වගකීම භාරගෙන ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදයේ CIA මෙන්ම වෙනත් රටවල ඔත්තු සේවා නිල වශයෙන් ලංකාවට පැමිණෙන්නට එය හේතුවක් කරගෙන ඇත. එසේ පැමිණෙන්නේ නොනිල වශයෙන් එම ඔත්තු සොව ලංකාවේ ක්‍රියාකාරිව සිටින අතරතුරය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More