දේශීය පුවත්

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට පැමිණි ජාතික බුද්ධි අංශ ප‍්‍රධානියා පැවසූ ආරක්‍ෂක තොරතුරු ඇතුළු බුද්ධි තොරතුරු ලෝකයට නිරාවරණය කරමින් ‘මිලේනියම් සිටි’ දෙවැනි පාවාදීම කිරීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (30) පැවසීය.

මේ ආකාරයෙන් බුද්ධි අංශ හෙළිදරව් කිරීම ඉතා භයානක තත්ත්වයක් බව කී ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා එසේ කිරීම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් බව ද සඳහන් කළේය.

ජාතික ආරක්‍ෂාවට අදාළ කරුණු දැනගත යුත්තේ වගකිව යුතු සීමිත පිරිසක් බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

ලෝකයේ කිසිම රටක් මේ අයුරින් බුද්ධි අංශ හා ඊට අදාළ තොරතුරු ලෝකයට හෙළි කර නැතැයි කී මන්ත‍්‍රීවරයා පසුගිය ප‍්‍රහාරයේදී ආරක්‍ෂක අංශ අතින් වරදක් වී ඇත්නම් සොයා දඬුවම් කළ යුතු බව ද පැවසීය.

ඒ නිසා මෙම සාක්‍ෂි මාධ්‍යයට නිරාවරණය නොකරන ලෙස තමන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කියා සිටියේය.

එමෙන්ම සමහර තොරතුරු කවුරු කීවත් හෙළිදරව් කිරීමට නොහැකි බව කීමේ අයිතියක් බුද්ධි අංශයට තිබෙන බව කී ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා මෙම කමිටුවේ වගකිව යුතු පරිණත සාමාජිකයින් සිටියා නම් එවැනි ප‍්‍රශ්න නොඅසන බව ද පැවසීය

නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More