මුහුණු පොතෙන්

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත් කිරීමට දායක වීමේ වරදට ඒ සඳහා සම්මාදන් වූ ඔවුන් සියළු දෙනාට සාප විය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය පවසයි.

ඊයේ (29) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති මාදුළුවාවේ සෝභිත හිමිගේ 77 වන ජන්ම දින උත්සවයට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගැනීමට අපට හේතු ලෙස චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය අපට පෙන්වා දුන්නේ ඔහු දූෂිතයෙක් නොවීමත්, ජාතිවාදියෙක් නොවීමත්, අත්දැකීම් ඇති අවංක පුද්ගලයෙක් වීමත් යන කරුණුය. එහෙත් ඒ සියල්ල සාවද්‍ය බව අද රටම දන්නවා.”

“ගුවන් යානා පුරෝගෙන මහජන මුදල් නාස්ති කරමින් රටසවාරි යන බවට අප මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා කළා. එහෙත් අද වනවිට මෛත‍්‍රීපාල සිරිසේන මහතා හැම වැඩකින්ම මහින්ද රාජපක්ෂව පරදවා ඇති බව ඔප්පුකර හමාරයි.”

“මහින්ද රාජපක්ෂ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ නිසා ව්‍යවස්ථා සභාවක අවශ්‍යතාවය මතුවුණා. සිරිසේන මහතා තමන්ට අවශ්‍ය ලෙස විනිසුරුවන් පත්කරගැනීමට නොහැකි වූ නිසා ව්‍යවස්ථා සභාව අවජාතක දරුවෙක් ලෙස ගර්භාවට ලක් කළා.”

“මේ සෑම දේකින්ම පෙන්නුම් කළේ විධායක බලයෙන් මිනිහෙකු උමතු කරන අන්දම නොවේද? ජනතාව එක් පුද්ගලයෙකු ගැන විශ්වාසය තබා බලයට ගෙනාවත් ඔහු බලයට පත්වු පසු කල්පනා කරන්නේ තමන්ගේ දරුවන්ට හා පරම්පරාවට ධනවත් වීමට මාර්ග සකස් කිරීමයි. දරුවන්ට ප‍්‍රභූ ආරක්ෂාව සැපයීම කෙබඳු විහිලුවක්ද? පියා ජනාධිපති වීමෙන් දරුවන් අසාමාන්‍ය ධනවතුන් බවට පත්විය හැකිද? මෙයට අප තිත තැබිය යුතුයි.”

“සිරිසේන මහතා ජනාධිපති බවට පත්කිරීමට දායක වීම අප කළ වරදක් නම් ඒ වෙනුවෙන් අපට සාප වේවා. ඒ වගේම රනිල් වික‍්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා.” මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

LNA



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More