ව්‍යාපාරික පුවත්

මෙම වසරේ පළමු කාර්තුව තුළ ශී‍්‍ර ලංකාවේ අපනයන ආදායම ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්‍ෂව සියයට 5යි දශම 6කින් වැඩි වී තිබෙනවා.

ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසන්නේ ඉකුත් වසරේ පළමු කාර්තුවේදි ශී‍්‍ර ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,989ක් වූ බවයි. මෙම වසරේ පළමු කාර්තුවේදී එය අමෙරිකානු ඩොලර් මිලියන 3,156ක් දක්වා වැඩි වී තිබෙනවා.

මෙම වසරේ පළමු කාර්තුවේදී ශී‍්‍ර ලංකාවේ ආනයන වියදම සියයට 19යි දශම 3කින් අඩු වී තිබීමද විශේෂත්වයක්. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් වසරේ පළමු කාර්තුවේදී ශී‍්‍ර ලංකාවේ ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 5,971ක් වුණා. මෙම වසරේ පළමු කාර්තුවේදී ශී‍්‍ර ලංකාවේ ආනයන වියදම වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 4,817ක් පමණයි.

ඒ අනුව මෙම වසරේ පළමු කාර්තුවේදී ශී‍්‍ර ලංකාවේ වෙළඳ හිගය ද ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්‍ෂව අඩු වී තිබෙනවා. ඉකුත් වසරේ පළමු කාර්තුවේදී ශී‍්‍ර ලංකාවේ වෙළඳ හිගය අමෙරිකානු ඩොලර් මිලියන 2,982ක් වූ අතර මෙම වසරේ පළමු කාර්තුවේදී එය සදහන් වන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 1,661ක් ලෙසයි.

මේ අතර තවදුරටත් ශී‍්‍ර ලංකාවට වැඩිම අපනයන ආදායමක් උපයා දී ඇත්තේ රෙදිපිළි හා ඇගළුම් හරහායි. එය මුළු අපනයන ආදායමෙන් 47% කට ආසන්න අගයක් වනවා. දෙවන වැඩිම අපනයන ආදායමක් ශී‍්‍ර ලංකාවට උපයා දී ඇත්තේ තේ අළෙවිය හරහායි.

කෙසේ වෙතත් ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්‍ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී වැඩිම වර්ධනයක් පෙන්නුම් කරන්නේ මුද්‍රණ කර්මාන්තය ආශි‍්‍රත නිෂ්පාදන හරහා උපයාගෙන ඇති අපනයන ආදායමේයි. ඉකුත් වසරේ පළමු කාර්තුවේදී එමගින් උපයා ගැණුනු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 4. 9 ක් වූ අතර මෙම වසරේ පළමු කාර්තුවේදී එමගින් මිලියන 11.1 ක අපනයන ආදායමක් උපයාගෙන තිබෙනවා. එහි වර්ධනය ආසන්න වශයෙන් 128% ක්.

ශී‍්‍ර ලංකාවේ ආනයන වියදමින් වැඩිම ප‍්‍රමාණයක් තවදුරටත් වෙන්වී ඇත්තේ ඉන්ධන සදහායි. එය මුළු ආනයන වියදමින් සියයට 21ක් පමණ වනවා. ආනයන වියදමින් දෙවන වැඩිම කොටස වෙන් වී ඇත්තේ රෙදිපිලි හා රෙදිපිලි උපාංග සදහායි. ශී‍්‍ර ලංකාවේ ආනයන සැලකීමේදී ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්‍ෂව මෙම වසරේ වැඩිම අඩුවීමක් පෙන්නුම් කරන්නේ රත්රන් ආනයනයයි. ඉකුත් වසරේ පළමු කාර්තුවේදී රත්රන් ආනයනය සදහා රුපියල් මිලියන 345.3ක් වැය වී ඇති නමුත් මෙවර රත්රන් ආනයනය සදහා වැය වී ඇත්තේ අමෙරිකානු ඩොලර් ලක්‍ෂ 8ක් පමණයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More