දේශීය පුවත්

අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය මොහොමඞ් ෂාෆි මහතා චෝදනාවන්ගෙන් නිදහස් කර ගැනීම ස`දහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිරිසක් කුරුණෑගල රෝහල් බලධාරින්ට සහ එහි වෘත්තීය සමිති නියෝජිතයින්ට යෝජනා ඉදිරිපත් කරමින් සිටින බවට වාර්තා වෙයි.

ඒ වෙනුවෙන් සාකච්ඡුා කිරීම සඳහා කුරුණෑගල රෝහල් බලධාරීන්ට සහ එහි වෘත්තීය සමිති නියෝජිතයින්ට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණෙන ලෙස කර ඇති ආරාධනාව ද ඔවුන් ප‍්‍රතික්ෂේප කර ඇත.

”මේක අපි ගොඩින් බේරා ගමු’ යැයි යෝජනා ඉදිරිපත් කළත් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් පත් කරන ලද සය පුද්ගල කමිටුව පිළිනොගැනීමටත්, ඒ වෙනුවෙන් සාක්ෂි ලබා නොදීමටත් රෝහල් බලධාරින් සහ එහි වෘත්තීය සමිති තීරණය කර ඇත.

එහෙත් පවතින තත්ත්වය හමුවේ චෝදනා ලබා සිටින වෛද්‍ය මොහොමඞ් ෂාෆි මහතාට එරෙහිව පැවැත්වෙන සාධාරණ පරීක්ෂණයක් වෙනුවෙන් පමණක් සිය සහාය ලබා දීමට රෝහල් බලධාරීන් සහ එහි වෘත්තීය සමිති තීරණය කර ඇතැයි ද වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More