දේශීය පුවත්

සැකපිට අත්අඩංගුවට ගැනුණු වෛද්‍ය ෂේගු ෂිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි පිළිබඳව මේ වන විට පැමිණිලි‍ 220 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි කුරුණෑගල රෝහලේ බලධාරීහු පවසති.

වෛද්‍යවරයා සතුව කෝටි 40 කට අධික වත්කම් ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබූ අතර ඒවා කිසියම් අන්තවාදී හෝ ත්‍රස්තවාදී කණ්ඩායමක් මගින් ලැබී ඇත්දැයි ප්‍රශ්න කිරීමේ අරමුණින් ඔහු සැකපිට අත්අඩංගුවට ගැනුණේ පසුගිය 24 වැනිදායි.

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු මව්වරුන් රැසක් දඹුල්ල හා කුරුණෑගල රෝහල්වලට පැමිණිලි කළ අතර 81 දෙනෙකු අද කුරුණෑගල රෝහලටත්, 11 දෙනෙකු දඹුල්ල පොලීසියටත් පැමිණිලි කර ඇතැයි සඳහන් ය.

කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය අද දහවල් රෝහල ඉදිරිපිට නිහඩ විරෝධතාවක නිරත වුණේ සැකකාර වෛද්‍යවරයා හා සම්බන්ධ පරීක්ෂණවලට බාධා නොකරන ලෙස ඉල්ලමිනි.

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාගේ මුල් නිවස ලෙස සැලකෙන කලාවැව ප‍්‍රදේශයේ පිහිටි නිවසක් අද (29) ආරක්ෂක අංශ විසින් සෝදිසියට ලක් කර ඇත.

සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු කිසිවක් එම නිවසෙන් හමුනොවූ බව ආරක්ෂක අංශ පවසයි.

මේ අතර වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාගේ පියා ඇතුළු පවුලේ ඥාතීන්ගෙන් ද  ප‍්‍රකාශ ලබා ගත් බව පොලිසිය පැවැසීය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More