දේශීය පුවත්

මහසොන් බලකායේ නායක අමිත් ජීවන් වීරසිංහ මහතා ලබන 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ෂලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය එදින නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය විසින් ඊයේ කරන ලද නියෝගය අනුව මෙම සැකකරුට එරෙහිව මහජන ආරක්ෂණ පනත යටතේ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන චෝදනා සනාථ කිරීම සඳහා මේ දක්වා ඉදිරිපත් වී ඇති සාක්ෂිවල සම්පින්ඩනය විමර්ශන නිලධාරීන් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

මහජන සාමය හා සංහිඳියාව කඩවන ආකාරයෙන් කටයුතු කිරිමේ චෝදනාව යටතේ කිරුළපන පොලීසිය අත්අඩංගුවට ගත් අමිත් ජීවන් වීරසිංහ මහතා සම්බන්ධයෙන් කොළඹ දකුණ දිසා දූෂණ විමර්ශන කොට්ඨාශය විසින් පරික්ෂණ සිදු කරනු ලැබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More