– අපේ‍්‍රල් 21 වැනිදා දිවයිනේ ස්ථාන කිහිපයකට ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ලකරන බවට ලැබී තිබූ තොරතුරු අපේ‍්‍රල් 09 වැනිදා (දින 12කට පෙර) ආරක්‍ෂක ලේකම්වරයාට දැනුම් දුන්නත් ප‍්‍රහාරය සිදුවනතුරුත් ආරක්‍ෂක කවුන්සිලය රැස්වූයේ නැතැයි ජාතික බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ඊයේ (29 දා) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේය.
රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට ලද තොරතුරු අපේ‍්‍රල් 08 වැනිදා තමන්ට දැනුම් දුන් බව සිසිර මෙන්ඩිස් මහතා කීවේය.
ඒ පිළිබඳව තමා ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට ප‍්‍රකාශ කළ මුත් ඒ සම්බන්ධයෙන් ක‍්‍රියා කළ යුත්තේ පොලිසිය බව ද ඒ නිසා පොලිස්පතිට දන්වා යවන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා කී බව ද සිසිර මෙන්ඩිස් මහතා සාක්‍ෂි දෙමින් පැවසුවේය.
බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රැුස්වීම එදිනට පසුදා එනම් 09 වැනිදා පැවැත්වූ බව ද එම රැුස්වීමේදී හෝ මෙම බුද්ධි තොරතුරු ප‍්‍රධාන මාතෘකාවක් වූයේ නැතැයි ද එම රැුස්වීමට ආරක්‍ෂක ලේකම්, ත‍්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පති සහභාගි වී සිටි බව ද සිසිර මෙන්ඩිස් මහතා ප‍්‍රකාශ කළේය.
ඉන්පසු එදිනම වැදගත් යැයි සටහනක් තබමින් තමන් පොලිස්පතිවරයාට මෙම අනතුර ගැන ලිඛිත දැනුම්දීමක් කළ බව ද කී සිසිර මෙන්ඩිස් මහතා අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට පෙර අවසන් වරට ආරක්‍ෂක කවුන්සිලය රැුස්වූයේ පෙබරවාරි 19 වැනිදා බව ද පැවසුවේය.
පාස්කු දින සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන විශේෂ තේරීම් කාරක සභාව ඊයේ පළමු වරට රැුස්වූ අතර වැඩබලන සභාපති ලෙස ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා මුලසුන දැරුවේය.
අජිත් අලහකෝන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
“….පාස්කු දින සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන විශේෂ තේරීම් කාරක සභාව ඊයේ පළමු වරට රැුස්වූ අතර …”
ඇත්තටම මේ තේරීම් කාරක සභාව තුල වෙන දේවල් ගැන දැන ගැනීමට අපට අවශ්‍යද? අපගේ කල්පනාව නම් එසේ අවශ්‍ය නැති බවයි.
එක අතකට රටම දන්නවා පාස්කු දින සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වැළැක්වීමට හේතු උනේ (බුද්දි අංශ අඩපන කර තිබියදීත්) ඉතිරි වෙලා තියන බුද්දි අංශ වල අඩුපාඩුවක් නොවන නිසා කියලා. අනෙක් අතට මේ කරන්නේ රගපෑමක් කියලත් දන්නවා. මේ කරුණු නිසාත් ටිකක් හරි රැකී තිබෙන ජාතික ආරක්ෂාව ගැන හිතලාත් ජන මාධ්‍ය මේක ආවරණය නොකර ඉන්න රට වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තොත් හොද නැද්ද කියා අසන්න කැමතියි. ආණ්ඩුවට මේ රගපෑම කරන්න පුළුවන් වී ඇත්තේ ඔවුන් ඉදිරියේ දැල්වෙන කැමරා නිසයි. ජන මාධ්‍ය කරුවන් මෙය වර්ජනය කර මේ ඊනියා දෙසපාලුවන්ට වඩා ඔවුන් රට ගැන හිතන බව පෙන්වීමෙන්ම මොවුන්ට පාඩමක් උගන්වන්න පුළුවනි. එවිට එසේ වර්ජනය නොකරන ජන මාධ්‍ය ඇතොත් ඒ ගැනත් ජනතාව ඇත්ත අවබෝද කර ගනීවි. මේ “ආවරණ වර්ජනය” ප්‍රඥාවන්ත ජන මාධ්‍ය කරුවන්ට කළහැකි, කලයුතු ජාතික වගකීමක් ලෙස අප සලකනවා. ඇත්තටම සමහරවිට දැනටමත් මේ සදහා පරක්කු වැඩිද කියා අපට සැක සහිතයි. මෙය මාධ්‍ය සංදර්ශනයක්ද නැතිනම් ඊටත් එහා යන භයානක පාවා දීමක්ද, නැතිනම් මේ දෙකමද? ආණ්ඩුවේ මෙතෙක් ක්‍රියා කලාපය දෙස බලන විට මේ ප්‍රශ්න කිසිවක්ම ඉදුරා බැහැර කල නොහැකියි.
ගාන්ධිගේ වැනි passive resistance ක්‍රම මගින් පෙළපාලි 1000කින් නොකළ හැකි දේ කල හැකියි යනු අපගේ තදබල විශ්වාසයයි. කුරුණෑගල වෛද්‍ය සංගමය (නිහඩ උද්ගෝෂණයේ ප්‍රදර්ශනය කල පරිදි VOG පතිනිසේකර වැනි අය හැර?) කරන්නේත් මෙවැනිම කටයුත්තක්. ඔවුනට ජාතියේ ගෞරවය සහ ප්‍රණාමය නිතැතින්ම හිමි වෙනවා ඇති!