දේශීය පුවත්

ශ්‍රි ලංකාවේ පාසල් සිසුන් අතරින් 5 ශ්‍රේණියේ සිසුන් 100 දෙනෙකුගෙන් හත් දෙනෙකුද, 10 වැනි ශ්‍රේණියේ සිසුන් 100කගෙන් පස් දෙනෙකුද ස්ථූලතාවය හෝ ස්ථූලතාවයට අවදානම් තත්ත්වයෙන් පසුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

මේ හේතුවෙන් කෙටි කාලීන හා දිර්ඝ කාලීන සෞඛ්‍ය අවදානමකට පාසල් සිසුන් ලක්ව ඇති බවත් එම කාර්යාංශය සඳහන් කරයි.

ස්ථුලතාවය හේතුවෙන් හෘදයාබාධ, අක්මාවේ රෝග, පරිවෘත්තීය පද්ධතයේ ගැටලු හා අස්ථි පද්ධතිය ආශ්‍රිත ගැටලු ඇතිවිය හැකි බවත් එම කාර්යාංශය පෙන්වා දෙයි.

ළමයින් අතර ඇති ස්ථුලතාවය අවම කිරිම සඳහා ජාතික වැඩ පිළිවෙළක් වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට 2019 ජුනි ජාතික පෝෂණ මාසයේදී අවධානය යොමුකිරීමට නියමිතය.



One thought on “ලංකාවේ පාසල් සිසුන්ගේ ස්ථුලතාවය වැඩිවෙයි”

  1. පෝෂණය නෙමෙයි, වස විස “පොහොර ” , කෘමී/වල් නාශක “තෙල්” ගහපු නැති ආහාර ලැබෙන්න සලස්වන්න. ජන්ක් ෆුඩ් (junk food), කෘත්‍රිම බීම (කොකා කෝලා වැනි), කෘත්‍රිම රසකාරක , ඩයි වර්ග නැති කෑම බීම ළමුන්ට ලැබෙන්න සලස්වන්න. එතකොට අවශ්‍ය පෝෂණය ඉබේම ලැබේවි. ස්ථුලතාවත් අනික් ලෙඩත් නැතිව යාවි.
    කොලබ 7 අයට නම් “කාබනික” එළවලු/පළතුරු සහ අනික් ආහාර විකුණන පොළවල් තියනවා. රටේ අනිත් මිනිස්සු වස කන්න බොන්න ඕන.
    මේවා ඉතින් කියනවට වඩා හොදයි නිකම් කට පියාගෙන ඉන්න එක.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More