දේශීය පුවත්

වන්ධ්‍යකරණය සම්බන්ධයෙන් කරුණු තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළේ 2012.07.28 වනදා බවත් ඊට අදාළව කිසිවක් සිදු නොවුණු බවත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසයි.

“මේ කියන්නෙ 2012 හත්වෙනි මාසෙ 28 වෙනිදා. කාටද ? මහ රජ්ජුරුවන්ට කියන්නෙ. කොළාද ? මේ ගොල්ලො මේ … වැඩක් නෑ කතා කරලා. දුකයි” යනුවෙන් එහිමි සඳහන් කළේය.

1973 වසරේදී PSL සහ MRI නමින් රාජ්‍ය නොවන සංවිධාන දෙකක් පිහිටුවා ඇති බවත් එය ලොවපුරා ක්‍රියාත්මක වූ වැඩපිළිවෙලක් බවත් පැවසූ ඥානසාර හිමි මේ වනවිට අප සිටින්නේ 2019 බවත් සිහිපත් කළේය. එහි නායකයා පිළිබඳව ද විස්තර තමන් 2012 වසරේදී ඉදිරිපත් කර ඇති බව පැවසූ එහිමි මේවාට මුදල් පොම්ප කරන අය පිළිබඳ විමර්ශනය කරමින් වැඩ ආරම්භ කළ යුතු බවත් මේවාට අවසර ලබාදී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බවත් සඳහන් කළේය.

කුරුණෑගල තනි වෛද්‍යවරයකු අල්ලාගෙන ඇති නමුත් මෙය එක් අයකු නොව ජාලයක් වශයෙන් ක්‍රියාත්මක වන්නක් බව පැවසූ එහිමි මෙහි අතුකපා ඵලක් නොමැති බවත් මුල නසා දැමිය යුතු බවත් අවධාරණය කළේය.



One thought on “මේවා අපි 2012 දි මහ රජ්ජුරුවන්ට කිව්වෙ. කෝ කොළාද ? – ඥානසාර හිමි”

  1. “….පැවසූ එහිමි මෙහි අතුකපා ඵලක් නොමැති බවත් මුල නසා දැමිය යුතු බවත් අවධාරණය කළේය…”
    නැහැ. මේක මුල සින්දත් ආයේ අතු කෑල්ලකිනුත් ඇති වෙන්න පුළුවන් පිළිලයක්. ඒ නිසා මුල්, අතු ඔක්කොම හිදින්න ඕන.

    ඥානසාර හිමි තවත් වේලාවකදී කිව්වා “ඔය කඩු අල්ලලා වැඩක් නෑ ” කියල. හොදයි වැඩේ කඩු ඔය තියන තැන්වලම තියෙන්න ඇරියොත්!

    ඒ එක්කම අපි ඥානසාර හිමියන්ට කියන්න කැමතියි බුදුහාමුදුරුවොයි බුදු බණයි මේ කතා වලට සම්බන්ද කරගන්න එපා කියලා.
    “හිරු” චැනල් එකේදී තමන් මේ කරන දේ වලට බුදු බණ අනුව අවසර තියනවා කියලා කොලයක් බලාගෙන මොන මොනවාද වගයක් කිව්වා. ඒක ඉතාම වැරදි ප්‍රකාශයක්. බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙන්නේ යම් කෙනෙකු ගඟකින් එතර වුනාට පස්සේ ඔරුව කරේ තියන් යන්නේ නැතුව වගේ බුදු බණත් මනස පිරිසිදු කරගැනීමට යොදා ගත්තට පස්සේ එය කරේ තියා නොගන්නා ලෙසයි. එහෙනම් බුදු දහම රකින්න කියාවත් අපිට එම දහමෙන් බැහැර දේ කරන්න බෑ.
    තමන් ගැන තියන credibility එක නැතිකර ගන්න එක බොරුවක් කිව්වත් ඇති. ඥානසාර හාමුදුරුවෝ තවත් තැනකදී “සම්මා දිට්ටිය” කියන “බෝම්බෙ ” ගහන්න ඕන කිව්වා. මේ වගේ වචන සිවුරක් දාගෙන ඉන්න හාමුදුරු කෙනෙක් කිව්වම ඒක අන්තවාදීන් බුදුහාමුදුරුවො මිනීමස් වැලදුවා කියපු කතාවට වඩා වෙනසක් නෑ. තවත් හාමුදුරුවරු මේ අන්තවාදී ප්‍රශ්න ගැන කතා කලත් මෙහෙම දේවල් කියන්නේ නෑ. අන්තවාදීන් ගැන ෆයිල් ටිකක් හදාගෙන තිබුන පලියට එල් ටී ටි ය පරාජය කල හමුදා බුද්දි අංශ වලටත් වඩා මොළේ තියනවා වගේ ඥානසාර හිමි කතා කරන්නේ ඇයි?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More