පුරවැසි කොලම

අපේ‍්‍රල් 21 පාස්කු බෝම්බ ප‍්‍රහාරයෙන් මේ රටටත් ජන සමාජයටත් සිදුවූ විනාශය වචන කළ නොහැකි තරමේ එකකි. මේ මොහොත වන විට එම ප‍්‍රහාරය නිසා සමස්ත රාජ්‍යයම දරුණු බි`දවැටීමකට ලක්වී අවසන්ය. මේ බෝම්බ ප‍්‍රහාරය අපට එල්ල කරනු ලැබුවේ සහරාන් හෂීම් විසිනි.

රටේ ජීවත් වූ මිනිසුන් දෙසියපනහක් පමණ අප‍්‍රාණික මළමිනී බවට පත්කළා වූ එම ප‍්‍රහාරය පිළිබ`ද දැනුදු සිදුවෙමින් තිබෙන විමර්ශන සහ මෙහෙයුම් රාශියකි. ඒකාබද්ධ මෙහෙයුම් ප‍්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යපි‍්‍රය ලියනගේගේ අධීක්‍ෂණයෙන් ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය එක්ව ඉතාම සාර්ථක ලෙස එම මෙහෙයුම් දියත් කරමින් සිටී.

එකී මෙහෙයුම්වලට අනුව ඉකුත් 22 වැනිදා සිට 24 වැනිදා දක්වා රටේ විවිධ ප‍්‍රදේශවලදී සිදු කළ සෝදිසි කිරීම් මගින් තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදීන්ට අයත් යුද උපකරණ සිතියම්, අවිආයුධ ඇතුළු භාණ්ඩ රැුසක් සොයා ගැනීමටද ති‍්‍රවිධ හමුදාව හා පොලිසිය සමත් විය.

බදුරලිය, තිහාරිය, පුත්තලම, තොටවත්ත, නාගවිල්ලූව, කොටිකාවත්ත, වැල්ලම්පිටිය, හුණුපිටිය, මීතොටමුල්ල, බොරලැස්ගමුව, මෙගොඩකොලොන්නාව, මුල්ලේරියාව, හිඹුටාන, අලූත්ගම සහ දර්ගා නරගරය ආදී ලෙසින් ප‍්‍රදේශ රැුසක් ආවරණය වන පරිදි එම සෝදිසි මෙහෙයුම් දියත්ව තිබිණි.

මෙසේ ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය එක්ව ඉතා සාර්ථක ලෙස තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදයට එරෙහිව මෙහෙයුම් සිදු කිරීම මේ මොහොතේද සිදු වෙමින් ඇත. පැහැදිලිවම ජාතියේ රැුකවරණය වෙනුවෙන් එය එසේම සිදුවිය යුතුය. එහෙත් සහරාන් හෂීම් අප වෙතට ගෙන එනු ලැබු තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදය මේ අන්දමට කටයුතු කිරීමෙන් පමණක් අපට මුලිනුපුටා දැමීමට හැකි වනු ඇතිද? එය ප‍්‍රහාරාතේමක ම්ලේච්ඡුත්වයට පමණක් සීමා වූවක්ද?

නැත. මේ මොහොත වන විට එය ප‍්‍රහාරාත්මක ම්ලේච්ඡුත්වයෙන් ඔබ්බට ගිය ඉතා සූක්‍ෂම වූ වර්ග සංහාරයක් හෙවත් ජන සංහාරයක් දක්වා රැුගෙන යෑමට තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදය කටයුතු කර ඇති බව දැන් බිෙ`දන් බි`ද අනාවරණය වෙමින් තිබේ.

මෙකී වර්ග සංහාරය යනු කුමක්ද? මෙය ජාත්‍යන්තර නීතියට අනුව ද`ඩුවම් දියහැකි කිසිසේත්ම උල්ලංඝණය නොකළ යුතු අපරාධයකි. යම් ජන වර්ගයක් ,ජාතියක්, ආගමික කණ්ඩායමකට අයත් පිරිසක් මරා දැමීම, බරපතළ ලෙස ශාරීරික හා මානසික හානි සිදු කිරීම, හිතාමතාම ඔවුන්ගේ ජීවන තත්ත්වයට හානි කිරීම,ශාරීරික වශයෙන් දුබලතාවයට පත් කිරීම, බලහත්කාරයෙන් හෝ කැමත්තකින් තොරව රහසේ උපත් පාලනය කිරීම, බලහත්කාරයෙන් ළමුන් එක් ජන කොට්ඨාශයකින් තවත් ජන කොට්ඨාශයකට මාරු කිරීම වැනි කරුණු රැුසක් මෙකී වර්ග සංහාරය යන්න තුළ අර්ථ දක්වා ඇත. මෙහිදී එක් ජන කොට්ඨාශයක් යන්නෙහි මුළුමනින්ම එම ජනතාව හෝ එහි කොටසක්ද සංහාරයට ලක් කිරීම අදහස් වේ.

ජාත්‍යන්තර නීතිය තුළ මෙන්ම අන්තර් ජාතික මානව හිමිකම් ප‍්‍රඥප්තියේද මෙය දක්වා ඇත්තේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙසිනි.

සහරාන් හෂීම් එල්ල කළ ම්ලේච්ඡු බෝම්බ ප‍්‍රහාරයෙන් පසු අපේ ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය ත‍්‍රස්තවාදීන් සොයා දිගින් දිගටම මෙහෙයුම් කි‍්‍රයාත්මක කරමින් අතරේ අද කුරුණෑගල ශීක්‍ෂණ රෝහලේ නාරි හා ප‍්‍රසව වෛද්‍ය සෙයිගු ෂිහාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධ කෙරෙමින් වයඹ පළාතින් මතුවි තිබෙන්නේ තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදයේ ඉහත කී ‘බලහත්කාරයෙන් හෝ කැමත්තකින් තොරව රහසේ උපත් පාලනය කිරීම’ ලෙසින් වු වර්ග සංහාරයට අදාළ කතාව නොවේද?

වෛද්‍ය ෂිහාබ්දීන් සාෆි සම්බන්ධ කෙරෙමින් මේ කියැවෙමින් තිබෙන්නේ සිංහල බෞද්ධ යන ආගමික සහ මෙරට බහුතරය වන ජන කොටස ගොදුරු වූ තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදයේ වර්ග සංහාර කතාවය.

මෙය මුල්වට හෙළි කරනු ලැබුවේ ‘දිවයින’ මගිනි. ඒ හෙළිදරව්වේදී කිපුණෝ බොහෝ වූහ. ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා කීවේ ‘දිවයින’ ජාතීන් අතර අසමගිය ඇතිවන අයුරින් අසත්‍යයක් මවා පා ඇති නිසා වහාම නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බවය.

ඔහු එසේ කියන අතරේ පොලිසිය වෛද්‍ය ෂිහාබ්දීන් සාෆි වත්කම් පිළිබ`ද චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගනු ලැබීය. එකී අත්අඩංගුවට ගැනීමෙන් පසු කුරුණෑගල ප‍්‍රධාන වයඹ පළාතේ ජීවත්වූ අපේ මව්වරුන් සියයකට අධික පිරිසක් මේ මොහොත වන විට කුරුණැගල ශික්‍ෂණ රෝහලට සහ කුරුණෑගල පොලිසියට මෙන්ම දඹුල්ල පොලිසියට පැමිණ පළමු දරු උපතින් පසු තමන් දරුවන් නොලැබෙන තත්ත්වයකට මුහුණ දී සිටින බවට පැමිණිලි කර ඇත.

මේ මව්වරු අතරින් බහුතරය සිය පළමු දරු උපත සිදුකර ඇත්තේ සිසේරියන් සැත්කමක් මගිනි. එකී සිසේරියන් සැත්කම ඔවුන්ට සිදුකර ඇත්තේ මේ වන විට අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ නාරි හා ප‍්‍රසව වෛද්‍ය සෙයිගු ෂිහාබ්දීන් මොහොමඞ් සාෆි විසිනි.

පළමු දරු පිළිසි`ද ගැනීම ගැටලූවකින් තොරව සිදුවූයේ නම් මේ අම්මාවරු කිසිවකුත් දරුඵල අහිමි ම`දසරු බවකින් පෙළුනෝ විය නොහැකි වන්නාහ. එසේ නම් ඔවුන්ට අද දරුඵල අහිමිව ඇත්තේ ඇයි? මේ ඇතැමුන්ගේ පැමිණිල්ල වී තිබෙන්නේ තමන්ට දෙවැනි දරු පිළිසි`ද ගැනීමක් සිදු නොවන බවය. එසේ වූයේ ඇයි?

මෙහිදී මේ ප‍්‍රශ්න ස`දහා ඉතාම සරලව පෙන්වා දියහැකි පිළිතුරු දෙකක් ඇත. පළමුවැන්න වන්නේ මේ මොහොතේ කියැවෙමින් තිබෙන පරිදි වෛද්‍ය ෂිහාබ්දීන් සාෆි විසින් මේ අම්මාවරුන්ට දරු උපත් ස`දහා සිසේරියන් සැත්කම්වලට භාජනය කරන අවස්ථාවේ ඔවුන්ගේ පැලෝපීය නාලවලට හානි සිදු කිරීමය.

කාරණාව එය නොවේ නම් මේ රටේ සමස්ත සිසේරියන් සැත්කම් වෛද්‍ය ක‍්‍රමවේදයේ කුමක් හෝ බරපතළ

ගැටලූවක් තිබිය යුතුය. එහෙත් සිසේරියන් සැත්කම්වලදී එවන් ගැටලූකාරී තත්ත්වයක් ඇති බව මෙරට තුළ සිදුවන සිසේරියන් සැත්කම් අනුව මේ දක්වා වාර්තා වී නැත.

කෙසේ වෙතත් මේ වන විට මේ සම්බන්ධයෙන් විද්වත් පරීක්‍ෂණ කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පියවරගෙන ඇත. මෙම විද්වත් කමිටුව පත්කිරීම ඇතුළු වෛද්‍ය ෂිහබ්දීන් සාෆිගේ ගැටලූව ඇතුළ කරුණු කිහපයක් සම්බන්ධයෙන් රාජිතක ඇමැතිවරයා පෙරේදා (27 වැනිදා* මාධ්‍ය හමුවක්ද පවත්වනු ලැබීය.

එහිදී ඇමැතිවරයාගේ හැසිරීම මාධ්‍යවේදීහු දැඩි ලෙස ප‍්‍රශ්න කරනු ලැබූහ. සිංහල අම්මාවරු ව`ද කළේ යැයි කියන මෙම සිද්ධියේදී කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂවරයා කි‍්‍රයා කරනු ලැබුවේ ඉතාම සද්භාවයෙන් යුතුවය. එහෙත් ඔහු කෙරේද ඇමැති රාජිත සේනාරත්න මහතා තුළ ප‍්‍රසාදයක් නැති බව එකී මාධ්‍ය හමුවේදී හො`දටෝම පැහැදිලි විය.

කුමක් වුවත් මේ කතාවේදී කියැවෙන පරිදි අද කුරුණෑගල රෝහලට එන අම්මාවරුන්ට දරු ඵල අහිමිව ඇත්තේ ෂිහාබ්දීන් සාෆි විසින් සිසේරියන් සැත්කම් කිරීමෙන් පසුව බව අනාවරණය වන සියල්ල තුළින් පැහැදිලි වන එකම කරුණ වී ඇත.

ඒ අනුව කුමන පරීක්‍ෂණ සිදු කෙරුණද සිසේරියන් සැත්කම්වලින් පසුව මේ තත්ත්වය ඇතිවූවේ යැයි කියන සත්‍යයෙන් බැහැර වන්නට කිසිවකුටත් නොහැකිය. මෙහිදී අද ව`දභාවයට පත්ව සිටින්නේ දරුවකු බිහිකිරීමට හැකි හො`ද සෞඛ්‍ය ම්පන්න තත්තවයක සිටින තරුණ වසසේ සිංහල බෞද්ධ අම්මාවරුය.

එසේ නම් මේ ඛේදනීය තත්ත්වයට හේතුව තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදයේ සූක්‍ෂම කි‍්‍රයාත්මක වීමක් යැයි නොකියා සිටින්නට අපට නොහැකිය. ඊට හේතු වන්නේ මේ තුළ තවත් සුවිශේෂී කරුණක් දක්නට තිබෙන නිසාය.

එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ට එරෙහි විජයග‍්‍රාහී මානුෂීය මෙහෙයුමේදී මේ රටේ යුද හමුදාව නියෝජනය කළ පිරිස් බලයෙන් වැඩිම ප‍්‍රමාණයක් අයත්වූයේ කුරුණෑගල ප‍්‍රධාන වයඹ පළාතට විය. එසේම අද දවසේද යුද හමුදාව නියෝජනය කරන පිරිස් බලයෙන් වැඩි ප‍්‍රමාණයක් අයත් වන්නේ ද කුරුණෑගල ප‍්‍රධාන වයඹ පළාතටය.

ඒ අනුව බලන කල සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස කි‍්‍රයාත්මක වෙමින් පසුගිය පාස්කු ඉරිදා මේ රටේ ජනතාව අමු අමුවේ මරා දමද්දී තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදය අනෙක් පැත්තෙන් මේ සිදු කර ඇත්තේ දීර්ඝ සැලසුමකට අනුව මතු දිනෙක නැගෙනහිරින් ඇරඹෙන තව්හිද් ජමාත් ඉස්ලාම් ත‍්‍රස්තවාදී සටනට දෙස බලා සිංහල රණකාමීත්වය උපදින්නටත් පෙර ජාන සම`ගම අවසන් කිරීමක්ද?

සෙයිගු ෂිහාබ්දීන් මොහොමඞ් සාෆි කරනු ලැබුවේ එයද? වෛi ෂිහාබ්දීන් සාෆි 2015 ඇමැති රාසාඞ් බද්්‍යුදීන්ගේ නියෝජිතයකු ලෙෂ කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් එජාපය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වේදී අද බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඇතුළු මුස්ලිම් දේශපාලනය සාෆි රැුක ගන්නාට වෙහෙසෙන්නේ මේ නිසාද?

එසේම මෙහිදී අපට ආණ්ඩුවෙන් අසන්නට ඇති වැදගත්ම ප‍්‍රශ්නය වන්නේ ඒ අඹ ගසුත් මේ අඹගහත් හැර තවත් අඹගස් තිබේද යන්නය.

සංස්කරණය – සමන් ගමගේ
ඡුායාරූප-නිශාන් එස් පි‍්‍රයන්ත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More